විස්සයි 20 තරගෙන් ඉන්දියාව ලංකාවට පරදී

මින් කලකට ඉහත ශ්‍රී ලංකාව ඉන්දියාවට ගොස් අති දරුණු පරාජ වැලකට මුහුණ දුන් පසු හතුරුසිංහ යටතේ පුහුණුව ලබමින් නව ශ්‍රී ලංකා කණ්ඩායම අද ඉන්දියාවට එරෙහිව ලංකාවේදී ක්‍රිකට් ජයක් වාර්තා කිරීම විශේෂ සිද්ධියකි.

අද ආර් ප්‍රේමදාස පිරටියේදී ඇරඹි නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ ඉන්දියාව සමග පැවති පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 174ක් රැස් කළා. වේගවත් පිතිහරඹයක නිරතවූ ශිකර් ධවාන් ලකුණු 90 ක් ලබාගත්තේ පන්දු 49 කින්. හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් ඊට ඇතුලත් වුනා.

මනීෂ් පාන්ඩේ 37 යි. පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් බිඳහෙලුවා.පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ
කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් පෙරේරා ලකුණු 66 ක් ලබා සිටියදී දැවී ගියා.පන්දු 37 කින් ඔහු ලබාගත් වේගවත් ලකුණු 66 ට හතර පහර 6 ක් සහ හයේ පහර 4 ක් ඇතුලත් වුනා. ධනුෂ්ක ගුණතිලක පන්දු 12 කින් ලකුණු 19 ක් ලබාගත්තා.
නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 14 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 11 ක් රැස් කලා.