නීතිය හා සාමය ෆොන්සේකාට

දැනට තාවකාලිකව අගමැති යටතේ පවතින නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ප්‍රාදේශීය සංවර්ධන ඇමැති µSල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.

එම අමාත්‍යාංශය ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙස නිල යෝජනාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑවීමටද එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇතැයි එම පක්‍ෂ ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ වෙතත් ෆොන්සේකා මහතාට මේ ඇමැතිධුරය පිරිනමන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජපාන සංචාරයෙන් පසුව බව පැවසේ. ජනාධිපතිවරයා ලබන 12 වැනිදා ජපානයේ තෙදින නිල සංචාරයක්‌ සඳහා පිටත්ව යයි.

ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රබල ඇමැතිවරයකු කියා සිටියේ සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ ඇමැතිධුරය අනිවාර්යයෙන්ම හිමිවනු ඇති බවයි.

අකිත පෙරේරා