අගමැතිධූරයේ වෙනසක් නැ

අගමැති ධුරයේ වෙනසක් සිදු කිරිමට කිසිදු සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ පවතින සම්මුති ආණ්ඩුව තුළ අදාළ කාලයට පෙර අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදු කිරිමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

අදාළ කාලය අවසන් වූ පසුව ඒ පිළිබඳ තීරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධයම කාරක සභාව විසින් ගනු ඇති බව දුමින්ද දිසානායක මහතා පවසයි.

සෙම්ප්‍රතිශ්‍යාව මට්ටු කරන පහසු මග

සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ඖෂධයක් හෝ එන්නතක් නොමැති බව ඔබ අසා ඇති. ඒ නිසාම මෙම ආසාදනය ඇති කරන රයිනෝ වෛරසය ජය ගැනීම පහසු කාර්යයක් නොවේ. සෙම්ප්‍රතිශ්‍යාව මට්ටු කිරීමට ගත හැකි විවිධ ක්‍රමෝපාය සොයාගිය විද්‍යාඥයන් එහිදී ලද ප්‍රතිඵල කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නේ ඔබට ද එම උත්සාහ දරා ප්‍රතිඵල උරගා බැලිය හැකි නිසයි.

ලංකාවෙන් නේපාලයට කෝටි 15ක මූල්‍යාධාර

නේපාලයේ සංරක්ෂණ වැඩකටයුතු සඳහා ලංකාවෙන් කෝටි 15ක මුදලක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පුරා විද්‍යා සංරක්ෂණ හා සංවර්ධනය කිරීම සඳහා විහාරස්ථාන 150කට මුල්‍යාධාර ලබා දීමේ වැඩසටහන ඊයේ (15) එක්වෙමින් අගමැතිවරයා මේ අදහස් පළ කළේය.

විහාරස්ථාන ගණනාවකට වෙනත් අදායම් මාර්ග නොමැති බවත් සංස්කෘත අරමුදලේ මුදල් විහාරස්ථාන ආරක්ෂාවට යෙදිය යුතු බව අගමැතිවරයා පැවසීය.

ශිරන්ති, නාමල්, යෝෂිතට රට පුරා ඉඩම් 21ක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ සහ ඔහුගේ පුතුන් වන නාමල්, යෝෂිත යන අයගේ නමට රට පුරා ඉඩම් 21 ක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔවුන් විසින් එලෙස ඉඩම් මිලදී ගනු ලැබු ඔප්පු අංක, මිලදී ගත් දිනය හා මිලදී ගනු ලැබූ මුදල පිළිබඳ තමා ළඟ නිවැරදි තොරතුරු ඇති බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ක්‍රිකට් සභාපති ඉල්ලා අස්විය යුතුයි

දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරඟවලින් දරුණු ලෙස පරාජය වීම හේතුවෙන් ක්‍රිකට් සභාපති එම ධුරයෙන් වහාම ඉවත් කළ යුතු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඊයේ (15) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වී පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ශිරන්ති රාජපක්ෂ CIDට එයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේවන විට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.

ලංකාව ඉන්දියාවට තුන්වන තරගයත් කුජීත ලෙස පරදී

ඉන්දීය ටෙසට් කණ්ඩායමක් සිය ඉතිහාසයේ ප්‍රථම වරට තරග දෙකකට වඩා සමන්විත ටෙස්ට් තරගාවලියක සියලු තරග විදේශයකදී (ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය 3-0ක්) ජයගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව පල්ලෙකැලේ පිටියේ පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 171ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද (14දා) සමත්විය.

ඉනිමක පරාජයේන් බේරීම සඳහා ලකුණු 352ක් රැස්කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 181ට සීමා කිරීමට ඉන්දිය කණ්ඩායම සමත්විය.

පොලිස්පති පුද්ගලයෙක්ට පහර දෙන වීඩියෝවක් එලියට

ශ්‍රී ලංකාවේ පොලිස්පති පූජිත ජයසුන්දර නමැත්තා තම පුද්ගලික ව්‍යාපෘතියක් වූ උදෑසන 8.30 සිට 8.45 දක්වා පොලිසියේ සියළුම දෙනා ‘භාවනා කල යුතුය ‘ යන ඔහුගේ නියමය කඩකළ පොලිස් මූලස්ථානයේ අන්‍ය ආගමික අයට 2017 අප්‍රේල් 11 වෙනිදා පහර දුන් බව මාධ්‍ය වාර්තා පසුගිය කාලයේ සඳහන් කර තිබුනා.

උසේන් බෝල්ට්‌ වැටෙයි

සිය ක්‍රීඩා දිවියේ අවසන් තරග ඉසව්ව වූ 4*100 ඉසව්වේ අවසාන මීටර් 100 ධාවනයේ යෙදුණු උසේන් බෝල්ට්‌ තරගය අතරතුරදී පාදයේ මස්‌පිඬු ආබාධයකට ගොදුරු වීම හේතුවෙන් ජැමෙයිකා පිලට අදාළ තරගය අවසන් කිරීමට නොහැකිවිය.

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 සහ 4*100 ඉසව්වන් ද්විත්වයෙන්ම රන් පදක්‌කම් දිනා ගනිමින් සිය ක්‍රීඩා දිවිය නිමා කිරීමට බෝල්ට්‌ අපේක්‌ෂාවෙන් පසුවූ නමුත් ඔහුට මීටර් 100 ඉසව්වෙන් දිනා ගැනීමට හැකි වූයේ ලෝකඩ පදක්‌කමකි.

විජයදාස පැරදුණොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි

විජයදාස රාජපක්ෂ මහතා හම්බන්තොට වරාය සම්බන්ධයෙන් එ්කාබද්ධ විපක්ෂය දරන මතයේම සිටීම හේතුවෙන් එ් මහතාට එක්සත් ජාතික පක්ෂය ඇතුළේම සටනක නිරත වන්නට සිදුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එ් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවකදී සිය සහයෝගය ඊට හිමි නොවන බවත් විජයදාස රාජපක්ෂ යනු සිය ගමේ මිනිසෙක් යැයිද එ් මහතා සඳහන් කළේය.