අගමැතිධූරයේ වෙනසක් නැ

අගමැති ධුරයේ වෙනසක් සිදු කිරිමට කිසිදු සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ පවතින සම්මුති ආණ්ඩුව තුළ අදාළ කාලයට පෙර අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදු කිරිමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

අදාළ කාලය අවසන් වූ පසුව ඒ පිළිබඳ තීරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධයම කාරක සභාව විසින් ගනු ඇති බව දුමින්ද දිසානායක මහතා පවසයි.

ගන්නේරුව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කල විමසීමකදීය.

නව අගමැතිවයෙක් සමග අලුත් ආණ්ඩුවක්

ඒකාබද්ද විපක්‍ෂයේ අගමැතිවයෙක් පත් කරගෙන ඉදිරි මාස දෙක ඇතුලතදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තනි ආණ්ඩුවත් පිහිටුවීමට කටයුතු සිදු වන බව වරාය හා නාවුක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකින් පසු මාධ්‍ය අමතමින් පවසා තිබිණ.

එනිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අත්වැල් බැඳගෙන ඉදිරි මාස දෙක ඇතුළත ඒකාබද්ධ විපක්ෂය අගමැතිවරයෙක් පත් කර ගැනීමට කටයුතු කරන්න කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් තමන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට 2020 වනතුරු බලා සිටීමේ උවමනාවක් නැති බවත් ඒකාබද්ධ විපක්ෂය ශ්‍රීලනිපය සමග එක්ව ඒකාබද්ද විපක්‍ෂයෙන් නව අගමැතිවරයෙක් පත් කිරීමට කටයුතු කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් සදහන් කලේය.