මීගමුවේදී STFට වෙඩි තැබූ සැකකරුවන් හඳුනා ගැනේ

මීගමුව කුරණ හන්දියේ සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇතැයි, පොලීසිය පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය හා අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක් අතර වෙඩි හුවමාරුව සිදුවුණේ, ඊයේ සවස. අපරාධ කල්ලි සාමාජිකයන් පිරිස කිසියම් අපරාධයක් සඳහා පැමිණෙන බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනූව, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඔවුන් පැමිණි වෑන් රථය පරීක්ෂා කළා. ඒ අවස්ථාවේ මෙම පිරිස පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තබා තිබෙනවා.

සුමාත්‍රාවල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ - සුමාත්‍රා දිවයිනට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

රික්ටර් පරිමාණයේ 6.4 ක භූ කම්පනයක් ලෙස මෙය සටහන්ව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

සුමාත්‍රාවේ - බෙන්කුලු නගරයට කිලෝමීටර් 81 ක් බටහිර දෙසින් මුහුදේ කිලෝමීටර් 67 ක් ගැඹුරෙන් මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

මහින්දගෙන් රාජිතට නඩුවක් !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් සම්බන්ධව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වරින්වර කරනු ලබන ප්‍රකාශ සම්බන්ධව ඔහුට එරෙහිව නඩු පැවරීමට මහින්ද රාජපක්ෂ මහතා තීන්දු කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

මේ යෝජනාව ඉදිරිපත්ව ඇත්තේ පසුගියදා පැවැති ඒකාබද්ධ විපක්ෂ නායකයන්ගේ රුස්වීමේදීය.

මහින්දානන්ද පවුල සමග රට සවාරි

චාල්ස්‌ට ඔටුන්න අහිමි වෙයි... රජකම විලියම්ට

මහා බ්‍රිතාන්‍යයේ අනාගත රජු ලෙස විලියම් කුමාරයා නම් කරනු ලැබ ඇති බවත්, ඒ අනුව චාල්ස්‌ කුමාරයාට රජ කිරුළ අහිමි වන බවත්, එංගලන්තයේ ලයිෆ් ඇන්ඩ් ස්‌ටයිල් සඟරාව වාර්තා කරයි. ඉහත සඳහන් පත්කිරීම සිදුකර ඇත්තේ එළිසබෙත් මහ රැජින විසින් බවද එම සඟරාව තවදුරටත් කියයි.

"එළිසබෙත් මහ රැජින විලියම් කුමරු සහ කේට්‌ කුමරියගේ අනාගතය පිළිබඳ කල්පනා කොට ඇත. පුරා අවුරුදු 65 ක්‌ තිස්‌සේ රජකම පිළිබඳ තමන් පිළිබඳ අත්දැකීම් සලකා බැලූ මහ රැජිනගේ මේ තීරණය අනුව බ්‍රිතාන්‍යයේ අනාගත රාජකීය කුමරිය වන්නේ කේට්‌ කුමරිය යෑයි ඒ සඟරාව සඳහන් කරයි. සඟරාව විසින් තවදුරටත් පෙන්වාදෙන පරිදි 91 හැවිරිදි මහ රැජින විසින් විලියම් කුමරු රජකමට පත්කිරීම සඳහා ගන්නා ලද තීරණය විප්ලවීය එකක්‌ බව එම සඟරාව පෙන්වා දෙයි.

එජාපය ආණ්ඩුවෙන් එලියට

යහපාලන ආණ්‌ඩුවේ සිය පාර්ශ්වකරුවා වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් තවදුරටත් බලපෑම් සහ කෙනෙහිළිකම් සිදුවුවහොත් ලබන ජනවාරි මාසයේදී ආණ්‌ඩුවෙන් ඉවත් වීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.

මෙම තීරණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලිකවම හමුවී දන්වා ඇතැයි එජාපයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු පැවැසීය.

ජනිත් එක්ක නටන තෙරුණි -Video

රියලිටි තරු මාවතේ පැමිණි ජනප්‍රිය ගායන තරුවක් වන ජනිත් ඉද්දමල්ගොඩ විසින් එළිදැක් වූ ‘දුටු දා’ ගීතය මේ වනවිට ජනප්‍රියත්වයට පත්ව තිබේ.

ගෝඨාට එරෙහි නඩුවක් යළි කැඳවයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවරා ඇති නඩුවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (11) කැඳවනු ලැබිය.

මෙම නඩුව පවරා ඇත්තේ ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විස් සමාගමට අයුතු ලාභයක් උපයාගත හැකි පරිදි පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ දී රජයට රුපියල් බිලියන 11.4ක් පාඩු කළ බවට විත්තිකරුවන්ට චෝදනා කරමිනි.

වාහන දඩ වැඩි වෙයි අවම දඩය රු. 2500 යි

මෝටර් වාහන පනතේ ප්‍රකාශිතව දඬුවමක්‌ දක්‌වා නොමැති වරදක්‌ සඳහා පොදු දණ්‌ඩනය යටතේ අය කෙරෙන අවම දඩ මුදල රුපියල් 2500 දක්‌වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත.

ඊට අමතරව අධික වේගයෙන් රිය පැදවීම සඳහා වූ ස්‌ථානීය දඩය රුපියල් 15,000 දක්‌වා ඉහළ දැමීමටත්, වමෙන් ඉස්‌සර කිරීම සඳහා වරදට අවම ස්‌ථානීය දඩය රුපියල් 2,000 දක්‌වාත්, නොසැලකිලිමත්ව රිය ධාවනය සහ අනතුරුදායක අයුරින් රිය පැදවීම සඳහා රුපියල් දසදහසක අවම දඩයක්‌ නියම කිරීමටත්, අඩු වයසේ තැනැත්තන් රිය පැදවීම සඳහා වූ පවතින අවම දඩ මුදල රුපියල් පන්දහසේ සිට රුපියල් තිස්‌දහස දක්‌වා වැඩි කිරීමටත්,

සුපිරි ගායිකා රිහානාගේ අමුතු ඇඳුම් විලාසිතාව

සුපිරි ගායිකා රිහානා කියන්නෙ නිතරම සමාජ ජාලවල කතාබහට ලක්වන චරිතයක්.
පසුගියදා බාර්බඩෝස් හි පැවති උත්සවයකට සහභාගී වූ රිහානා එහිදි කළ ඇඳුම් විලාසිතාවක් මේ වෙද්දි බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන.


29 හැවිරිදි රිහානා තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කළ ඡායාරූප නිසා තමයි ගොඩ දෙනෙක් මේ ගැන කතා වෙන්න පටන් ගත්තේ.
එම ඡායාරූප පෙල පහතින් නරඹන්න...