"දයාසිරි - මාලිංග" මුහුණට මුහුණ හමු වේ

රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේදී ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මුහුණට මුහුණ හමු වුණා.

ඊයේ (19) සිදු වූ මෙම හමුවේදී මාලිංග ඉදිරියේ සිටි අමාත්‍ය දයාසිරි මෙසේ ප්‍රතිචාර දක්වා තිබුණා.

දයාසිරි - කොහොමද මාලිංග...

මාලිංග - ම්.. හොඳයි..හොඳයි.

මම අස්වෙන්නෙ නෑ - විජේදාස රාජපක්ෂ

තමන් මේ මොහොතේ කැබිනට් අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වීමට අපේක්ෂා නොකරන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

පසුගිය සිකුරාදා දහවල් කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති හිටපු ආරක්ෂක ලේකම්වරයකු වන බී.එම්.යූ. බස්නායක මහතාගේ දියණියගේ විවාහ මංගල්‍ය උත්සව අවස්ථාවේ මේ ගැන ඔහුගෙන් ප්‍රශ්න කළ හිටපු අමාත්‍යංශ ලේකම්වරුන් හා වත්මන් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ඇතුළු මැති ඇමැති පිරිසක් මධ්‍යයේ රාජපක්ෂ මහතා මෙම ප්‍රකාශය කර ඇතැයි වාර්තාවේ. තමන් තනතුරින් ඉවත් නොවන බවත් රජය කැමැති තීන්දුවක් ගන්නා තෙක් බලා සිටින බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා ඇත.

මහින්ද අගමැති නොකළොත් ආණ්‌ඩුවෙන් යනවා

සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර අගමැති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා නොදුන්නොත් තමා ඇතුළු කණ්‌ඩායම ආණ්‌ඩුවෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්‍ෂයට යැම වැළැක්‌විය නොහැකි බව සංචාරක හා ක්‍රිස්‌තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා පැවැසීය.

හැරගිය අය ගෙන්වන අපූරු ගුරුකමක්‌

තම ස්‌වාමියා හෝ බිරිඳ තමන් හැර ගියා නම් එසේත් නැතිනම් පෙම්වතා, පෙම්වතිය තමා අපහසුතාවකට පත්කර හැරගියා නම් තමන් සන්තකයට ගෙන්වා ගැනීමට අපූරු ගුරුකමක්‌ කළ හැකිය. මෙම ගුරුකම පරම්පරාගත ගුරුකමකි. මෙහි සත්‍යතාවය පිළිබඳව බොහෝ අත්දැකීම් ඇත. සියලු මන්ත්‍ර විධි නිමවෙමින් ශාස්‌ත්‍රානුකූලව මෙය කළහොත් ඒකාන්ත ප්‍රතිඵල ලැබෙනවාමයි. එය අත්දැකීමෙන් ලබනවා මිස විස්‌තර කළ නොහැක.

සමාජ රෝගයක් කියා බය හිතෙන අමුතු ලෙඩක්

පුරුෂයන්ගේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව හටගන්නා රෝග අතරින් වෘෂණ ආශ්‍රිත රෝග ගැන අපි පහුගිය සති කිහිපයක් කතා කළා. දැන් අපි හොයා බලන්නේ ශිෂ්නය ආශ්‍රිතව හටගන්නා රෝග කිහිපයක් ගැනයි. අද කතා කරන්න යන ලෙඩේ හැදුනාම හුඟාක් අයගේ ගෙවල්වලත් අවුල් ඇතිවෙනවා. මොකද දෙන්නාට දෙන්නා සැක කරන්න ගන්නවා. ස්වාමියා හිතනවා තමන්ගේ බිරිය වෙන කෙනෙක් එක්ක ඉඳලා ජරා ලෙඩක් හදාන දැන් තමන්ටත් ඒක හැදිලා කියලා. භාර්යාව හිතනවා තමන්ගේ මනුස්සයා වෙන කොහේවත් යන කෙනෙක් එක්ක ලැගලා ඇවිත් කියලා. මෙහෙම සැක කරලා දෙන්න දෙමාල්ලෝ අවුල් වෙනවා. නමුත් ලෙඩේට හේතුව වෙනම එකක්.

මේක වැඩබැරි ආණ්ඩුවක්

- විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

ඔබ ආණ්ඩුවට සම්බන්ධ වුණු කාලයේ ඉඳන් සද්දයක් නැතුව හිටිය කෙනෙක්. ඒත් මේ මෑතක ඉඳලා දරුණු ප්‍රකාශ කරන්න අරගෙන තියෙනවා. මොකෝ මේ?

නෑ අපි ඉතින් බලාගෙන හිටියා මේක කොහොමද යන්නේ කියලා. ඒත් මේ යන ක්‍රමය පක්ෂයේ ප්‍රතිපත්තිවලටයි අපේ ප්‍රතිපත්තිවලටයි එකඟ නෑ. එහෙම නැති තැනදී අපි කතා කරන්න ඕන.

5 වසර ශිෂ්‍යත්වය හෙට

පහ ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා මධ්‍යස්‌ථාන 3014 ක දී හෙට (20 දා) පැවැත්වේ.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 562 දෙනකු ඇතුළුව අයෑදුම්කරුවෝ තුන් ලක්‌ෂ පනස්‌ හයදහස්‌ හත්සිය විසිඅට දෙනෙක්‌ මෙවර විභාගයට පෙනී සිටිති. විභාග කාර්ය මණ්‌ඩලය විසිඅට දහසකි.

විභාගය උදේ 9.30 ට ආරම්භ වන අතර උදේ 9 වන විට විභාගාපේක්‌ෂකයන්ට විභාග ශාලාවේ අසුන් ගැනීම සඳහා කටයුතු කරන ලෙස ශාලාධිපතිවරුන්ට උපදෙස්‌ දෙනු ලැබ ඇත. විභාගාපේක්‌ෂකයන් කල්වේලා ඇතිව විභාග මධ්‍යස්‌ථානයට පැමිණිය යුතු වන අතර තමන්ට අදාළ විභාග අංකය ඇඳුමේ වම්පස පැළඳ සිටිය යුතු වෙයි.

නව නාවික හමුදාපති පත් වෙයි

නව නාවික හමුදාපති වශයෙන් පත් කළ රියර් අද්මිරාල් ට්‍රැවීස්‌ සින්නයියා මහතා සිය පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ජනාධිපති නිල නිවසේදී ඊයේ (18 වැනිදා) භාර ගත්තේය.

21 වැනි නාවික හමුදාපති වශයෙන් පත් වූ ට්‍රැවීස්‌ සින්නයියා මහතා ලබන 22 වැනිදා සිය ධූරයෙහි වැඩ භාර ගැනීමට නියමිතය.

මේ වන විට නාවික හමුදාපති ධූරයේ කටයුතු කරන වයිස්‌ අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න මහතාගේ සිය ධූර කාලය ලබන 22 වැනිදායින් අවසන් වන බැවින් මෙම නව පත්වීම සිදුකර ඇත.

බදු අඩුකිරීමත් සමඟ බුකිය පුරා පැතිරුනු රස කතා

කැබ්, කුඩා ලොරි සහ 1500cc අඩු යතුරුපැදිවලට පනවා තිබූ බදු අඩු කරන්න මුදල් අමාත්‍යාංශය ඊයේ පියවර ගත්තා.ඒ වගේම අන්තර්ජාල සේවා ගාස්තු මත පනවා තිබූ සියයට 10 ක විදුලි සංදේශ බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවත් රජය ඊයේ නිවේදනය කළා.මේ බදු අඩුකිරීමත් එක්ක මුහුණුපොතේ රස කතා ගොඩක් හුවමාරු වෙන්න පටන් ගත්තා.පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි රස කතා කිහිපයක් ඔබ වෙත් ගෙන එන්න අපි හිතුවා.

විදේශ ශ්‍රමිකයන් ගේන මුදල්වලට කිසිදු බද්දක් නැහැ

යෝජිත නව ආදායම් බදු පනත මගින් විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට සම්ප්‍රේෂණය කරන මුදල් මත කිසිදු බද්දක් අය නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, යෝජිත නව ආදායම් බදු පනත පිළිබඳව 'බීබීසි සිංහල සේවය' සමග සජීව ෆේස්බුක් සාකච්ඡාවකට සහභාගි වෙමිනි.