ලංකාවේ බරම බිළිඳා බලපිටියේදී උපත ලබයි

ශ්‍රී ලංකාවේ මෙතෙක් උපත ලද බරින් වැඩිම බිළිඳා ඊයේ බලපිටියේදී උපත ලැබුවා. පිරිමි දරුවෙකු වූ මෙම දරුවාගේ බර රාත්තල් 13.1 (කිලෝ 5.94) වන බවට ගණන් බලා තිබුණි.මෙම බර ගිනස් ලෝක වාර්තා පොත අනුව එතෙක් මෙතෙක් උපත ලද බිළිඳුන්ගෙන් බර වැඩිම 11 දෙනා අතරට ගැනේ. මින් ඉහත රාත්තල් 22 දරුවන් දෙදෙනෙකු
ඇමරිකාවේ හා ඉතාලියේ ඉපදී ඇති බවට වාර්තා තිබෙන අතර රාත්තල් 19 එක් අයෙකු17 දෙදෙනෙකු 16 දරුවන් තිදෙනෙකු හා 15 දරුවන් දෙදෙනෙකු ඉපදී ඇත.

රෙස්ලිං ශූර කාලී, හොර රහසේම ලංකාවට ඇවිත්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල ශ්‍රිලංකාවේ සංචාරයක නිරතවනවා.ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි පසුගියදා ගාල්ල වෙරළේ සිට ලබාගත් ඡායාරූපයක් සමාජ ජාලා ඔස්සේ ප්‍රසිද්ධ කරමින් පැවසුවේ මෙවන් පරිසර සුන්දරත්වයක් ලොව කොතැනක දී හෝ විඳගන්නට නොමැති බවයි.

"ආවා" ලොක්කා ඇතුළු 6ක් අත්අඩංගුවට

යාපනයේ ආවා කල්ලිය ප්‍රධානියා ඇතුළු හය දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

සත්‍යවේල්නාදන් නිශාන්තන් හෙවත් නිශා වික්ටර් නැමති මෙම ආවා කණ්ඩායමේ ප්‍රධානියා පසුගිය දා යාපනය කෝපායි කොන්ඩාවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුවක්

මෙම වසර අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113 දෙනෙකු එකතුකරගනිමින් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් පිහිටුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

අනතුරුව නව අගමැතිවරයෙකු පත් කරන බවත්,මෙම කටයුතු සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදය අවශ්‍ය නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රවි ගෙදර යන්න සූදානමක

හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර ඔහු සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ඇමැතිවරයාට සමීප ආරංචි මාර්ග හෙළි කළේය.
මේ අනුව ඔහු විදේශ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාටත් එ.ජා.ප. උප නායක තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් බාර දීමට සූදානමින් සිටින බවද එම ආරංචිමාර්ග සඳහන් කළේය. ඊට පෙර ඔහු ජනපති අගමැති හමුවී ඔහුට එරෙහිව ඇති චෝදනා හා ආණ්ඩුව තුළ සිටිමින්ම තමන්ට එරෙහිව කටයුතු කරන මැති ඇමැතීන් සම්බන්ධයෙන් කරුණු දැක්වීමටත් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමටත් සූදානම් වන බවද ඇමැතිවරයාට සමීප ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේය.

අවසානයේ තෙවැනියා වූ බෝල්ට්‌

රන් පදක්‌කමක්‌ සමගින් සිය සමුගැනීමේ සාදය සැමරීමට අපේක්‌ෂාවෙන් සිටි උසේන් බෝලට්‌ එංගලන්තයේ ලන්ඩන් නුවර ක්‍රියාත්මක ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී සහභාගී වූ සිය ක්‍රීඩා දිවියේ අවසන් මීටර් 100 ඉසව්වේ තෙවන ස්‌ථානයට පත්විය.

30 හැවිරිදි බෝල්ට්‌ අදාළ ඉසව්ව තත්. 9.95 කින් අවසන් කරන අතරවාරයේ තත්. 9. 92 කින් තරගය නිම කළ ඇමරිකාවේ 35 හැවිරිදි ජස්‌ටින් ගැට්‌ලින් එහි රන් පදක්‌කම දිනාගනු ලැබීය.

හෙට අර්ධ චන්ද්‍රග්‍රහණයක්‌

නිකිණි පෝය යෙදී ඇති හෙට (07 දා) දින රාත්‍රී අර්ධ චන්ද්‍රග්‍රහණයක්‌ දැක ගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්‌ථාව උදාවී ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ...

විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

මොනවද මේ මොනාක්‌ රෙසිඩන්සිස්‌?

Monarch යන නාම පදයට සිංහල තේරුම් රැසක්‌ තිබේ. ඊශ්වර දෙවියන් හඳුන්වනු ලබන්නේ මොනාක්‌ ලෙසය. මහරඡ්ජුරුවන්ට කියන නම් බොහෝ ගණනක්‌ අතරින් එකක්‌ වන්නේ මොනාක්‌ ය. මොනාක්‌ නාමය මේ දිනවල මේ රටේ ජන ව්‍යවහාරය තුළ බහුලව පවතී. ඒ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ නමැති සමාගමක හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ විසින් විදේශ ඇමැති රවි කරුණානායක වෙනුවෙන් මුදල් ගෙවා මිලට ගත්තේ යෑයි කියන මොනාක්‌ රෙසිඩන්සිස්‌ නමැති සුඛෝපභෝගී එපාර්ට්‌මන් එකක්‌ පිළිබඳව බැඳුම්කර කොමිසමේ සාක්‍ෂිවලින් හෙළිදරව් වීමත් සමඟය.

රවී රකින්න නායක හිමිවරු පෙරට එති

රවිට එරෙහි විශ්වාසභංගයට ජවිපෙ පක්‌ෂයි

රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‌ෂව ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරු හයදෙනා ඡන්දය ලබාදෙන බව ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

රවි කරුණානායක මහතා හිටපු මුදල් ඇමැතිවරයා බව ද ඔහුව විදේශ අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙසට මෙකී විශ්වාසභංග යෝජනාව ගෙනැවිත් ඇතැයි ද කී විජිත හේරත් මහතා විශ්වාසභංග යෝජනාව විවාද කරද්දී තමන් රවි කරුණානායක මහතාට එරෙහිව කටයුතු කරන බව ද කීවේය.