රවිට එරෙහි විශ්වාසභංගයට ජවිපෙ පක්‌ෂයි

රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‌ෂව ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරු හයදෙනා ඡන්දය ලබාදෙන බව ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

රවි කරුණානායක මහතා හිටපු මුදල් ඇමැතිවරයා බව ද ඔහුව විදේශ අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙසට මෙකී විශ්වාසභංග යෝජනාව ගෙනැවිත් ඇතැයි ද කී විජිත හේරත් මහතා විශ්වාසභංග යෝජනාව විවාද කරද්දී තමන් රවි කරුණානායක මහතාට එරෙහිව කටයුතු කරන බව ද කීවේය.

රවි කරුණානායක මහතා පළමුව කළ යුත්තේ ඇමැති ධුරයෙන් ඉවත්වීම බව යෑයි ද විජිත හේරත් මහතා කීවේය.

අමාත්‍යාංශ නිලධාරීන් හා යාන්ත්‍රණය යොදාගනිමින් මුදල් ඇමැතිවරයා සතු බලතල භාවිත කරමින් කළ අකටයුතුකම් සම්බන්ධව රවි කරුණානායක මහතා මුදල් අමාත්‍යාංශයෙන් සමාව ගත යුතු බව ද කී විජිත හේරත් මහතා තෙවනුව රටට හා ජනතාවට කළ වරද සම්බන්ධව ජාතියෙන් සමාව ගත යුතු බව ද කීවේය.