මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුවක්

මෙම වසර අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113 දෙනෙකු එකතුකරගනිමින් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් පිහිටුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

අනතුරුව නව අගමැතිවරයෙකු පත් කරන බවත්,මෙම කටයුතු සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදය අවශ්‍ය නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“මේ ආණ්ඩුවේ ආයුෂ දැන් ඉවරයි. යහපාලන මිනී පෙට්ටියට අන්තිම ඇණය ගැහුවේ රවි කරුණානායක. දැන් තියෙන්නේ වළ දාන්න විතරයි.ඒකට ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඕන නැහැ. කොහොම හරි අපි මන්ත්‍රීවරුන් 113ක් එකතු කරගෙන පාර්ලමේන්තුවේ බහුතර බලය පෙන්නනවා.

එහෙම කරලා අපි අපේ අගමැතිවරයෙක් පත්කරගන්නවා. ඒකට කවුරුවත් ආශිර්වාද කරන්න ඕනේ නැහැ.හැබැයි අපේ බලය පෙන්නුවාම ඒක පිළිනොගෙන ඉන්න සක්කරයාටවත් බැහැ. මාව බදුල්ලට එව්වෙ මහින්ද මහත්තයා. මම ආයෙත් බදුල්ල දාලා යන්නේ නැහැ. බදුල්ලත් එක්ක මට තියෙන්නේ ලොකු සම්බන්ධයක්", යනුවෙන් පවසා සිටියේය.