රෙස්ලිං ශූර කාලී, හොර රහසේම ලංකාවට ඇවිත්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල ශ්‍රිලංකාවේ සංචාරයක නිරතවනවා.ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි පසුගියදා ගාල්ල වෙරළේ සිට ලබාගත් ඡායාරූපයක් සමාජ ජාලා ඔස්සේ ප්‍රසිද්ධ කරමින් පැවසුවේ මෙවන් පරිසර සුන්දරත්වයක් ලොව කොතැනක දී හෝ විඳගන්නට නොමැති බවයි.

මේ අතර WWE ආයතනයේ සුපිරි තරුවක් ලෙස ක්‍රියා කරන “ග්‍රේට් කාලී” නාමයෙන් හැදින්වෙන ලෝ ප්‍රසිද්ධ රෙස්ලිං ශූරයා මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින බවට ආරංචියක් පැතිර යනවා.
එයට හේතුව ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලී ඊයේ රාත්‍රියේ පල කළ ට්විටර් පණිවිඩයක් නිසයි.
විරාත් කෝලි ග්‍රේට් කාලී සමග ඡායාරූප කිහිපයක් ගෙන සිය නිළ ට්විටර් ගිණුමේ පලකර තිබුණේ මෙලෙසින්.