අද මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්

දුම්රිය ලොකොමෝටිව් රියැදුරන් විසින් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ වැටුප් විෂමතා ප්‍රශ්න සම්බන්ධයෙන් මාස දෙකක් ඇතුළත විසඳුම් ලබා දෙන බවට දුම්රියේ පාලනාධිකාරිය විසින් දැනුම් දීම කර තිබූ නමුත් එය මතෛක් ඉටු නොවීම නිසා මෙම තීරණයට එළැඹි බවයි.

‍ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම වර්ජනයට දුම්රිය වෘත්තීය සමිති විශාල ගණනක් එක් වන බවට ප්‍රතිඥා දී ඇති බවය.