කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

අනිද්දා පෙරවරු නවයේ සිට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවනවා.ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.

මහරගම, බොරලැස්ගමුව හා කොලොන්නාව යන නගර සභා බල ප‍්‍රදේශ ද ජල සැපයුම අත්හිටුවන ප‍්‍රදේශ අතරට අයත්.කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රදේශීය සභා බල ප‍්‍රදේශයට මෙන්ම රත්මලාන ප‍්‍රදේශයට ද ජල සැපයුම අත්හිටුවනවා.


අත්‍යවශ්‍ය නඩත්තු කටයුතක් මීට හේතුව බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.