ගුවන් තොටුපළේ නවීකරණ කටයුතු අවසන්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානා ධාවන පථයේ නවීකරණ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් බවත් සැලසුම් කළ පරිදි අප්‍රේල් 06 වැනිදා සිට ධාවන පථය දිවා කාලයේත් විවෘතව තබන බවත් ගුවන් තොටුපළ කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එස්. හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ගුවන් ධාවන පථයේ විද්‍යුත් සංඥා පද්ධතියේ සහ බැහැරුම් පථයේ ටැක්සි වේ කම්කරු කටයුතු පමණක් මේ දිනවල සිදුකරන බවත් ඒ මහතා සඳහන් කළේය.

ගුවන් පථය නවීකරණය කිරීම හේතුවෙන් ජනවාරි 06 සිට අප්‍රේල් 05 වැනිදා දක්වා මාස තුනක කාලයක් පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය අටක කාලයක් ගුවන් පථය දිවා කාලයේ වසා තැබිණි.

ධාවන පථය නවීකරණය කිරීමේදී ධාවන පථය ඛිධඤඥ ජ් මෙහෙයුම් කටයුතුවලට සරිලන ලෙස සකස් කර ඇති අතර ඒ අනුව ඒ-380 ගුවන් යානා පවා ගොඩබැස්සවිය හැකි ආකාරයට ගුවන් ධාවන පථය පුළුල් කර තිබේ.

මෙයට අමතරව ක්ෂය වූ ධාවනය පථයේ හා බැහැරුම් පථයේ වායුසමනය වේදිකාව යථාතත්ත්වයට පත් කිරීම සහ ධාවන පථයේ දැනට පවතින ආලෝක පද්ධතිය හා රැහැන් පද්ධතිය නවතම එල්.ඊ.ඩී. ආලෝක පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමද නවීකරණ වැඩපිළිවෙළ යටතේ සිදුකෙරිණි.

ගමන් පථය නවීකරණ කටයුතු සඳහා රුපියල් බිලියන 7.2ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇති අතර නෙදර්ලන්ත සමාගමක අධීක්ෂණය යටතේ චීන සමාගමක් විසින් එම කටයුතු සිදු කර තිබේ.

නිමල කොඩිතුවක්කු