කිරි වීදුරුවක් බී විමල් උපවාසය අවසන් කරයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ විසින් ආරම්භ කළ උපවාසය අවසන්කර තිබෙනවා.

අද උදෑසන ඔහුගේ සුව දුක් විමසීමට ජාතික රෝහලට වැඩම කළ මහා සංඝරත්නය කළ ඉල්ලීමක් අනූව මන්ත‍්‍රීවරයා උපවාසය අවසන් කළ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර සදහන් කළේ.

උපවාසයට ඇප දුන්නොත් එය වැරදි පූර්වාදර්ශයක්

බන්ධනාගාරගත වන්නෙකු ඇප ලබාගැනීම සඳහා උපවාස කරන්නේ නම් හෝ එම උපවාසය මත ඇප ලබාදීමට තීරණය වන්නේ නම්, එය වැරදි පූර්වාදර්ශයක් බවත්, ඒ මත අධිකරණ ක්‍රියාවලිය අඩපණ විය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (29දා) පැවැති මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍ය‘වේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය.

හිරුණිකාට දරු සම්පත්

පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ දිනවල දරු සම්පත් උරුම කරගෙන පුතෙකු ලැබීමේ අපේක්ෂාවෙන් පසුවන බව අද ඇය සිය ෆේස් බුක් ගිණුමට ඡායාරූපයක් එක් කරමින් තහවුරු කර තිබේ.
සිය සමාජ ජාලා රසිකයින්ට මින් මාසයකට පමණ පෙර දරු ගැබේ ස්කෑන් ඡායාරූපයක් නිකුත් කර කුතුහලය මුසු කර සිටි මේ ගැන ආරංචිය දේශපාලන ලේකයට රහසක් නොවූවද ඇය ඒ ගැන පළමු වරට ප්‍රසිද්ධ කළේ අදයි. ඇයට ලබන සැප්තැම්බරයේ පමණ දරු උපත සිදුවන්නට නියමිත බවත් ස්කෑන් පරීක්ෂණයෙන් පුතෙකු ලැබීම ඉඟිකර ඇති බවත් වාර්තාවී තිබිණි.

ලසන්ත ඝාතනයට යොදාගත් වෑන් රියක් හමුවෙයිි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරිමට හා මාධ්‍යවේදී කීත් නෙයාර් මහතා පැහැරගෙන යෑමට යොදාගත් බවට සැකකෙරෙන වෑන් රථයක් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

පිළියන්දල ප්‍රදේශයේ කාන්තාවකගේ සන්තකයේ තිබී මෙම වෑන් රථය සොයාගත් බවද පොලීසිය අද (29දා) නිකුත් කළ නිවේදනයක් දැක්වෙයි.

රුපියල තවත් පහළට

2016 වසරේදී ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව සියයට 3.8ක පහළ යෑමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 මාර්තු මස 24 වැනිදා වන විට එහි අගය සියයට 1.2කින් තවදුරටත් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ දිනවල වෙළෙඳපොළේ ඇමෙරිකන් ඩොලරය රුපියල් 151.94කි.

විශාඛාවේ සා. පෙළ ලියූ සිසුවියන් 399 දෙනාම උසස් පෙළට

කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයෙන් පසුගිය සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ සිසුවියන් 399 දෙනාම උසස් පෙළ අධ්‍යාපනය ලැබීමට සුසුසුකම් ලබා ඇත.

විෂයයන් 9ටම ඒ සාමාර්ථයන් ලැබූ සිසුවියන් 209ක්ද බී. සාමාර්ථය ලැබූ සිසුවියන් 43ක්ද සිටින බව සඳහන් කරන විශාඛා බාලිකා විදුහල්පතිනි සඳමාලි අවිරුප්පල මහත්මිය විද්‍යාලයේ සියවස සමරන මේ මොහොතේ මෙම දියණිවරුන් ලබා ඇති ජයග්‍රහණ විද්‍යාලයට අත්කරදුන් කීර්තියක් මෙන්ම ගෞරවයක් බවද සඳහන් කරයි.

පෞද්ගලික සරසවි එපා නම් චැනල් කඩත් එපා

වෛද්‍යවරුන් වීමට ඉගෙන ගන්නා සිසුන් නර්තන ශිල්පය හැදෑරීම ඉතා යහපත් බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
එසේ නර්තන ශිල්පය ඉගෙන ගන්නා වෛද්‍ය සිසුන් සෞන්දර්යයට ප්‍රිය කරන මිනිසුන්ට ආදරය කරන තමන් ගැන පමණක් නොසිතන වෛද්‍යවරුන් බවට පත්වේ යැයි අමාත්‍යවරයා පැවැසීය.

අමාත්‍ය දිසානායක එසේ පැවැසුවේ පෙරේදා (27දා) මහනුවර පාතහේවාහැට අධ්‍යාපන කලාපයේ පාසල් 14ක සිසු සිසුවියන් 84 දෙනෙකු සඳහා රුපියල් 20 ලක්ෂයක වියදමින් වෙස් නැටුම් කට්ටල හා ශීර්ෂාභරණ බෙදා දීම වෙනුවෙන් තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති උත්සවයක් අමතමිනි.

මිනී දෙක මාරු වී හරිම ජංජාලයක්

නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් වෙනුවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේදී රෝහල් සේවකයන්ගේ වැරදීමකින් වෙනත් කාන්තාවකගේ මළ සිරුරක් ඥාතීන්ට භාරදී ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබූ මැදවච්චිය කිරිගල්ලැව මයිලගස්වැව ප්‍රදේශයේ මියගිය කාන්තාවකගේ සහ අනුරාධපුර විජේපුර අනුලා දේවි මාවතේ පදිංචිව සිටි වකුගඩු රෝගයෙන් මියගිය කාන්තාවගේ මළ සිරුරු මියගිය කාන්තාවන් දෙදෙනාගේ ඥාතීන් පැමිණ භාර ගන්නාතෙක් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබී ඇත.

වැස්සට හේදුණු තරඟය ගැන FB රස කතා

සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රීලංකා කණ්ඩායම අතර ඊයේ පැවති දෙවන එක්දින තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිණ.ඒ අනුව තරඟාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බොඳව ගියේය.කුසල් මෙන්ඩිස්ගේ පළමු ශතකයත්,බංගලාදේශයේ ටස්කින් අහමඩ් ලබාගත් කඩුලු ත්‍රිත්වයත් ඊයේ තරඟයේදී දැක ගැනීමට ලැබුණු සුවිශේෂී සිදුවීම් විය.

මේ එම තරඟය පිළිබඳව ෆේස්බුක් සමාජ ජාලයේ පළවී තිබූ රසබර නිර්මාණ කිහිපයකි.

විමල් උපවාසය අත්නොහරී

තමාට ඇප ලබා නොදීම නිසා තව දුරටත් බන්ධනාගාරය තුළ උපවාසයේ යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් එම උපවාසය නතර කරන ලෙස බන්ධනාගාර නිලධාරීන් ඉල්ලා සිටියත් ඔහු එම ඉල්ලීම තරයේම ප්‍රතික්‍ෂේප කර ඇත.

විමල් වීරවංශ මහතා මෙම උපවාසයේ යෙදී සිටියහොත් ඔහුගේ සෞඛ්‍ය පිරිහී යැමට ඉඩ තිබෙන නිසා උපවාසය නතර කරන ලෙස ඔහුට දැනුම් දුන් බව ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියෙක්‌ ඊයේ (28දා) කියා සිටියේය.