විමල්ගේ නිවසක තරුණ මළ සිරුරක්

විමල් විරවංශ
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාට අයත් හෝකන්දර පිහිටි නිවසක් තුළ තිබී පොලීසිය විසින් මළ සිරුරක් සොයාගෙන තිබෙන බව වාර්තා වේ.

මළ සිරුර කොළඹ ජාතික රෝහලට රැගෙනවිත් තිබෙන අතර, මියගොස් තිබෙන්නේ 24 හැවිරිදි ළහිරු ජනිත් නැමැත්තෙකි.

සහේලිගෙන් අලුත්ම මියුසික් වීඩියෝව මෙන්න

La Isla Bonita | Saheli Gamage
ගායන ශිල්පිණී සහේලි ගමගේ පිළිබඳව මෙරට සංගීත රසික රසිකාවියන් හඳුණාගත්තේ ඇය විසින් ගායනා කරන ලද "ආයුබෝවේවා මහ රාජාණනේ" ගීතයත් සමග යි.

පසුව දේශපාලන වේදිකාවල පවා ඇය පිළිබඳ කතාබහට ලක්වූ අවස්ථා ද දුලබ වූයේ නැහැ.

සරණට ඇප

සරණ ගුණවර්ධන
වත්කම් ප්‍රකාශ හෙලි නොකළ බවට චෝදනා එල්ල වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (26) නියෝග කළේය.

මීට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදී තමන් වරද පිළිගැනීමට සූදානම් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

මාලිංගට මේ වසරේදී ක්‍රිකට් බෑ

Lasith malinga Can't play for 9 Months
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අත්දැකීම් බහුලම වේගපන්දු යවන්නා වන සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගට මෙම වසර තුළදී ක්‍රීඩා කළ නොහැකි වාතාවරණයක් උද්ගතවී තිබේ. ඒ ඔහුගේ පාදයේ ආබාධය තවමත් 100%ක් සුව නොවීම හේතුවෙනි. ඒ හේතුව නිසා ඔහුට බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ ඇතුළත්ව පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද අහිමිව ඇත.

ලසිත් මාලිංගගේ ආබාධය පිළිබඳව ඔහුට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගෙන් විමසීමක් සිදුකළ අතර, එහිදී ඔහු පෙන්වාදුන්නේ මෙම වසර අවසානයේ දියත්වන දකුණු අප්‍රිකානු සංචාරය වනවිට මාලිංගගේ පාදයේ ආබාධය බොහෝදුරට සුවවනු ඇති බවයි.

බාල වයස්කාර දැරිය ගැබිනියක් !

දැරිය ගැබිනියක්
තම මව හමුවීමට රාත්‍රි කාලයේ මිනිසුන් පස් දෙනකු නිවෙසට පැමිණෙන බවත් එලෙස කෑගල්ල ප්‍රදේශයෙන් මව හමුවීමට පැමිණි පුද්ගලයකු තමා දූෂණය කළ බවත් ඒ හේතුවෙන් තමා මේ වන විට ගැබිනියක බවට පත්ව සිටින බවත් පවසමින් වයස අවුරුදු පහළොවක පමණ බාල වයස්කාර දැරියක් කැබිතිගොල්ලෑව පරිවාස නිලධාරි හා සමස්ත ලංකා පරිවාස නිලධාරීන්ගේ සංගමයේ ලේකම් කේ. කේ. කීර්තිරත්න මහතාට පැමිණිල්ලක් යොමු කොට තිබේ.

බාල වයස්කාර දැරිය සිය පැමිණිල්ල මඟින් තවදුරටත් පරිවාස නිලධාරි කීර්තිරත්න මහතාට පවසා ඇත්තේ තම පියා රිය අනතුරකින් මිය ගොස් සිටින බවත් තමා මව සමඟ නිවෙසේ ජීවත් වන බවත්ය.

කෘෘර දියණියක් අම්මා කුකුල් කූඩුවක දාලා

කුකුල් කූඩුව
වන්නිකුඩාවැව, කුඩාවැව ප්‍රදේශයේ නිවෙසක් පිටුපස කුකුළු කොටුවක රඳවා සිටි වයස අවුරුදු 85ක මාතාවක් ඊයේ (25දා) දහවල් සොයා ගෙන ඇය රෝහල් ගත කළ බව ගල්ගමුව පොලිසිය කීය.

විග්නේශ්වරන් ලන්ඩනයේදී කොටි කොඩියට පයින් ගසයි

උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා ලන්ඩන් නුවරදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ රැස්වීමකදී එල්.ටී.ටී.ඊ. කොඩිය එසවීමට කළ ඇරැයුම ප්‍රතික්‍ෂේප කළේය.

විග්නේශ්වරන් මහතා මේ දිනවල එංගලන්තයට ගොස් සිටින්නේ එහි රාජකීය බරෝකිංස්ටන් නගරය සහ යාපනය යන නගර දෙක අතර සබඳතා ඇති කරගැනීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අස්සන් කිරීමටය.

ආවා - කියා සැකකර වෙඩි තබලා

 සාගල රත්නායක
යාපනයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබිමකින් සරසවි සිසුන් දෙදෙනෙකු මිය යෑමේ සිදුවීම පිළිබඳව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (25දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය.

මේ වන විට යාපනය තුළ 'ආවා' නමින් අපරාධ කල්ලියක් යතුරුපැදි වලින් ගමන් කරමින් අපරාධ සිදුකරන බවත් ඔවුන් කඩු මුගුරු යොදාගෙන අපරාධ කරන බවත් එම කල්ලියේ සාමාජිකයන් පිරිසක් බව සිතමින් පොලීසිය මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවත් මේ වන විට සිදුවන පරීක්ෂණ වලදී අණාවරණය වී ඇති බව අමාත්‍යවරයා පැවැසීය.

අවම බලය ගැන පොලිස්පතිගේ මතය

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු පොලිස් වෙඩි ප්‍රහාරයෙන් හා අනතුරකින් ජීවිතක්ෂයට ලක්වීමේ සිද්ධියේදී පොලිස් නිලධාරීන්ගෙන් අඩුපාඩුවක් සිදුව ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

එසේ වෙඩිතැබීමට තරම් වාතාවරණයක් තිබුණේද යන්න ගැටළු සහගත බවත්, එතැනදී මංකොල්ලකෑමක්, සංවිධානාත්මක ලෙස සිදුකරනු ලැබූ ප්‍රහාරයක්, ජීවිත තර්ජනයක් හෝ තිබුණු අවස්ථාවක් විය නොහැකි බව පොලිස්පතිවරයා සඳහන් කළේය.

පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයාට ඇප

Son Of State Minister Palitha Range Bandara Released
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර සහ තවත් අයෙකු ඇපමත මුදාහරින ලෙස ආණමඩුව මහේස්ත්‍රාත් ජනනි විජේතුංග අද (25) නියෝග කළා.

ඒ අනුව එක් අයෙකුට රුපියල් 15,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරිය නඩුව දෙසැම්බර් 05 වනදා යළි කැඳවීමට නියෝග කරනු ලැබුවා.අමාත්‍යවරයාගේ පුතු ගමන් කළ ජීප් රථයක ගැටී ඊයේ පුද්ගලයෙකු මියගිය අතර, 42 හැවිරිදි ඔහු ආණමඩුව වඩිගමංගාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.