ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
සිරුරෙන් ආබාධිත වූ රණවිරුවන්ට ආර්ථිකය බාධාවක් නොවන අයුරින් ජීවිත කාලය තුළ මාසික වැටුප් ලබා දීම පිළිබඳ රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇතැයිද එය මෙවර අය-වැය යෝජනාවලට ඇතුළත් කළ බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

දේශපාලන අන්තවාදීන් පිරිසක් ඔවුන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීම සඳහා ආබාධිත රණවිරුවන් යොදා ගැනීම සම්බන්ධයෙන් තමා කනගාටු වෙන බවත් වත්මන් රජය ඔවුන් වෙනුවෙන් කඩිනම් තීන්දුවකට අවතීර්ණ වූ බවත් කී ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර ඒ පිළිබඳ අවසන් තීන්දුවට පැමිණි බව ද අනාවරණය කළේය.

පුංචි දියණියක් යකඩ යදම්වල සිර කරලා

A Little Girl Trapped Slave To Ironළමා කාලයේදී බොහෝ දෙනෙක් පාසල් යාමට නොහැකි බව පවසමින් නිවස වටේ දිව්වා මතක ඇති.
පාසල් යන්න බල කරමින් දෙමව්පියන්ගෙන් කෝටු පාරත් වදින්න ඇති.

මැලේසියාවේ පුංචි දියණියක් පාසල් යන්නට නොහැකියි කිව්වා නිසා දැරියගේ මව විසින් නපුරු දඬුවමක් දී තිබෙනවා.ඒ වාහන නවතා තබන ස්ථානයක කණුවක යකඩ දම්වැලකින් දියණිය ගැට ගසා බැඳ තැබීමයි.

අර්ජුන් මහේන්ද්‍රන් රටින් පනියි

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ කෝප් කමිටු වාර්තාව හෙට (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත තිබියදී එහි ප්‍රධාන චූදිතයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මීට සුළු මොහොතකට පෙර රටින් පිටව ගොස් ඇතැයි ගුවන්තොටුපළ ආරංචි පවසයි.

අද (27) පස්වරු 3.12ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් එමිරේට්ස් ගුවන් යානයකින් ඔහු සිංගප්පූරුව බලා ගොස් ඇත.

ලක්ෂ 23 නීති විරෝධී යතුරුපැදියක් කොටුවෙයි (Video)

ව්‍යාජ අංක තහඩු භාවිතා කරමින් ධාවනය කළ යතුරුපැදියක් සොයාගැනීමට මීගමුව පොලිස් වැටලීම් ඒකකයේ නිලධාරීන් සමත්වුණා.විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අබලි ද්‍රව්‍ය ලෙස පවසා රේගු බදු නොගෙවමින් ඉතාලියේ සිට මෙම යතුරුපැදිය ගෙන්වා ඇති බවයි.

එකම අංකයක් යටතේ ධාවනය කළ යතුරුපැදි දෙකක් මීගමුව කොට්ඨාස නීතිය බලාත්මක කිරීමේ ඒකකය පසුගියදා සිය භාරයට ගනු ලැබුවා.පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තෙ ස්කූටර් වර්ගයේ යතුරුපැදි අංකයෙන් ඉතාලියේ නිෂ්පාදිත මෙම යතුරුපැදිය ද ධාවනය කර ඇති බවයි.

සෑම උ-පෙළ සිසුවෙකුටම TAB පරිගණයකයක්

TAB පරිගණයකයක්
2017 වසරේදී උසස්පෙළ හදාරණ සෑම පාසල් සිසුවෙකුටම TAB පරිගණයක් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27දා) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

එසේම සෑම ළමයෙකුටම අවුරුදු 13ක අනිවාර්යය පාසල් අධ්‍යාපනය ලබන වසරේදී නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන බවත් ගුරු හිඟය අවසන් කිරීම සඳහා 2017 වසර තුළදී කටයුතු කරන බවත් අගැමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Toyota මෝටර් රථ ලක්ෂ 58ක් යළි කැඳවයි

Toyota මෝටර්
ටොයොටා මෝටර් රථ ලක්ෂ 58ක් යළි කැඳවීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.

ඒවා 2000 වසරේ මැයි සිට 2014 වසරේ දෙසැම්බර් දක්වා කාලය තුළ නිෂ්පාදිත රථ බවයි වාර්තා වෙයි.

2010-2011 Toyota 4Runner, 2003-2011 Toyota Corolla, 2003-2008 Toyota Corolla Matrix, 2009-2011 Toyota Matrix, 2004-2005 Toyota Rav4,2011 Toyota Sienna,2002-2007 Toyota Sequoia, 2003-2006 Toyota Tundra, 2006-2011 Toyota Yaris යන වාහන මෙලෙස යළි කැඳවා ඇති බව වාර්තාවෙයි.

අපේක්ෂා රෝහලේදී ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම

අපේක්ෂා රෝහලේදී ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම
මහරගම අපේක්ෂා රෝහලේදී පිළිකා රෝගීන් සදහා ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ආරම්භ කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණයකර ඇත.

ඔස්ට්‍රේලියාවේ වින්සන්ට් රෝහලේ මහාචාර්ය එම්.ඒ. ඩේවිඩි මහතාගේ උපදෙස් මත ශල්‍යකර්ම සිදුකිරීම ලබන දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.

පිළිකා රෝගීන්ගේ ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථමවරට ආරම්භ කරන අතර, මෙතෙක් කල් එවැනි සැත්කම් සිදුකරන ලද්දේ සිංගප්පූරුව සහ ඉන්දියාව වැනි රටවලදීය.

ලන්දවත්තේ බාලයා අත්අඩංගුවට

ලන්දවත්තේ බාලයා
මිනිස් ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයකු පෙරේදා (25දා) සවස අඟුණුකොළපැලැස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 8 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි.

සැකකරු අංක 50/14 අක්කර 50 බරවකුඹුක ලිපිනයේ පදිංචි සුජිත් ලොකුලියනගේ නොහොත් ලන්දවත්තේ බාලයා (40) නමැත්තෙකි. පෙරේදා (25දා) අලුයම 4.30ට පමණ අඟුණුකොළපැලැස්ස අක්කර 50 ප්‍රදේශයේදී තංගල්ල පොලිස් කොට්ඨාසයේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු සමඟ විදේශීය රටක නිෂ්පාදිත රයිෆල් වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ තුනක්, කඩුවක් හා පිහියක් අත්අඩංගුවට ගෙන ඇත.

උලපනේ ඉඩම විඡේවීර බිරිඳට නොලැබේ

Wijeweera's House cannot be given to family
ජනතා විමුක්‌ති පෙරමුණේ නායක රෝහණ විඡේවීර මහතා අවසන් වරට පදිංචිව සිටි නාවලපිටිය, උලපනේ පිහිටි නිවස සහ ඉඩම තමන්ට සහ තම දූදරුවන්ට ලබා දෙන්නැයි රෝහණ විඡේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විඡේවීර මහත්මිය කර තිබූ ඉල්ලීම, එම දේපළ රාජසන්තක කරන ලද දේපළක්‌ හෙයින් ඉටු කළ නොහැකි බව ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් මංගල වික්‍රමආරච්චි මහතා විසින් දැනුම් දී ඇත.

රෝහණ විඡේවීර මහතාගේ අභාවයෙන් පසුව විඡේවීර මහත්මිය මෙතෙක්‌ රැඳී සිටි නාවික හමුදා කඳවුරෙන් ඉවත්ව යන හෙයින් තමන් හා දූදරුවන් වෙත මෙය ලබා දෙන්නැයි ඇය ඉල්ලා ඇති බව නාවලපිටිය ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.

ඊයේ රෑ ඉඳන් වැට් එක වැඩ

වැට්
වැට් බදු සංශෝධනය ඊයේ (26දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක යැයි මුදල් ඇමැති රවි කරුණානායක පාර්ලිමේන්තුවේදී පැවැසීය.ඒ අනුව වැට් බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියයට 15ක් වනු ඇත.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුරකථන ගාස්‌තු, දුම්කොළ ඇතුළු භාණ්‌ඩ රැසක වැට්‌ බද්ද සියයට හතරකින් වැඩිවන අතර සෞඛ්‍ය හා රෝහල්, තැපැල්, නිවාස හා ස්‌මාට්‌ ෆොaන් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්‌ඩ අසූඑකක්‌ සඳහා මෙම වැට්‌ බදු වැඩිවීම අදාළ නොවන බව මුදල් ඇමැතිවරයා සඳහන් කළේය.