සරණට ඇප

සරණ ගුණවර්ධන
වත්කම් ප්‍රකාශ හෙලි නොකළ බවට චෝදනා එල්ල වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (26) නියෝග කළේය.

මීට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදී තමන් වරද පිළිගැනීමට සූදානම් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

වසර දෙකක් සිය වත්කම් ප්‍රකාශ හෙලි නොකළ බවට අල්ලස් කොමිසම සැකකරුට එරෙහිව නඩු දෙකක් පවරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මස 07 වැනිදාය.

වසර 2005 දෙසැම්බර් මස 06 වැනිදා සිට ජුනි මස 30 වැනිදා දක්වා කාලය තුල සහ 2007 වසරේ මාර්තු මස 31 වැනිදා සිටි ජුුලි මස 31 දක්වා කාලය තුල වත්කම් ප්‍රකාශ හෙලි නොකළ බවට සරණ ගුණවර්ධනට එරෙහිව චෝදනා එල්ල වී ඇත.මෙම නඩුව ජනවාරි මස 05 වැනිදා යලි කැදවීමට නියමිතය.
(ගොසිප් ලංකා හොට් නිවුස්)