විමල්ගේ නිවසක තරුණ මළ සිරුරක්

විමල් විරවංශ
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාට අයත් හෝකන්දර පිහිටි නිවසක් තුළ තිබී පොලීසිය විසින් මළ සිරුරක් සොයාගෙන තිබෙන බව වාර්තා වේ.

මළ සිරුර කොළඹ ජාතික රෝහලට රැගෙනවිත් තිබෙන අතර, මියගොස් තිබෙන්නේ 24 හැවිරිදි ළහිරු ජනිත් නැමැත්තෙකි.

මියගිය තරුණයා මන්ත්‍රීවරයාට ඥාති සම්බන්ධතාවක් තිබෙන බවද වාර්තා වේ.මේ සම්බධයෙන් මන්ත්‍රීවරයාගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.