මහනුවරට පොලිස් ඇඳිරි නීතිය !

මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.මහනුවර දිගන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් එය මැඩපැත්වීම සඳහා අද(05) දහවල් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණි.

කලහාකාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා ඇති අතර ඇදිරිනීතිය ද ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

රනිල් එලවන්න පක්ෂ රැසක සහය

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කළ යුතු බවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමකගේ සහ තවත් පක්ෂ රැසක සහය ලැබි ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සඳහා අත්සන් එකතු කිරීම මේ වනවිටත් කොළඹ පිහිටි විහාරස්ථානයක සිට ආරම්භ කර ඇති අතර පාලිත රංගේ බණ්ඩාර ඇතුළු එජාපයේම පිරිසක් ඊට මුල් වී කටයුතු කරන බවද එජාප ආරංචි මාර්ග කියා සිටී.

ගත් කතුවර ඇරැව්වල නන්දිමිත්‍ර සමුගනී

රාජ්‍ය සම්මානලාභී නවකතා කරුවෙකු සහ ප්‍රවීන සාහිත්‍ය ධරයෙකු වන ඇරැව්වල නන්දිමිත්‍ර මහතා අද (04) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතරව සිටි ඒ මහතා සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු කියති.

පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති

කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ ‘බෞද්ධයා‘(The Buddhist) නාලිකා හිමිකාර පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වී වදාළහ.

අපවත්වන විට 54 වැනි වියේ පසුවූ උන් වහන්සේ රෝගී වී අසාධ්‍ය තත්වයෙන් කලක සිටම කල් ගත කළ අතර ඇමරිකාවෙන් ප්‍රතිකාර ලැබීමෙන් පසු කොළඹ නවලෝක පුද්ගලික රෝහලේ නේවාසිකව දිගටම ප‍්‍රතිකාර ලබමින් සිටියහ..

ආණ්ඩුව මාව හිරේ දාන්න හේතු හොයනවා

නීතිය අවනීතිය වූ රටක පුරවැසියන්ට ඇති එකම විසඳුම අයුක්තියට එරෙහිව නැඟීසිටීම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

"නීතිය අවනීතිය කරන වත්මන් රජයේ පොලිස් විමර්ශන" යන සිරස්තලය යටතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉහත සදහන කරයි.

අතුරුදන්ව සිටි ඉරණවිල දරුවා මරාදමලා

දින දෙකක්‌ තිස්‌සේ අතුරුදන්ව සිටි හලාවත, ඉරණවිල, සමිඳුගම පදිංචිව සිටි නව හැවිරිදි සුසිත් නිර්මාල් දරුවා කෲර අන්දමින් ඝාතනය කර ඉරණවිල කඩොලාන සහිත ළඳු කැලෑවක දමා තිබියදී හලාවත පොලිසිය මඟින් ඊයේ (27 දා) සොයාගෙන තිබේ.

දරුවාගේ මළ සිරුර හමුවන අවස්‌ථාවේ නිරුවත්ව තිබූ බව ද පොලිසිය කියයි.

මෙම කෲර ඝාතනය හේතුවෙන් සමිඳුගම ජනතාව දැඩි කම්පාවට පත්ව සිටිති.

මෙලෙස ඝාතනයට ලක්‌ව ඇත්තේ ඉරණවිල ශාන්ත පීතර විදුහලේ 4 වැනි වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකි. මෙම දරුවාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයා මේ වනවිට සැඟවී සිටින බවත් ඔහු පිට පළාතකින් පැමිණි පොල් කඩන්නකු බවත් පොලිසිය පවසයි.

අධික මහතට පිළියම් මෙන්න!

ශ්‍රී ලංකාව තුළද තරබාරුව හෙවත් අධික ලෙස මහත්වීම සීඝ්‍ර ලෙස ඉහළ යන බෝ නොවන රෝගයක් බවට පත්ව තිබේ. පසුගිය වසරේ කළ පරීක්ෂණ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාව තුළ තරබාරුව මෙන්ම අධිබර තත්ත්වය තදින් ඉහළයාමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. එයිනුත් වැඩිහිටි පිරිස අතර උදරාශ්‍රිත තරබාරු තත්ත්වයන් ඉහළ ගොස් තිබේ. මේ ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ විවිධ තරබාරු තත්ත්වයන් සහ ඒවායෙන් මිදීමට කරුණුය.

රුපියල බාල්දුවෙලා විදෙස් ණය ඩබල් වෙයි

ඇමෙරිකානු ඩොලරය හමුවේ දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීම නිසා ශ්‍රී ලංකාවේ විදේශ ණය කන්ද දින කිහිපයක් තුළ අති විශාල ගණනකින් ඉහළ ගොස් ඇතැයි දේශයට වාර්තා වෙයි.

2018 ජනවාරි 01දා වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් කෝටි 3080කි. (ඩොලර් බිලියන 30.8කි) ඩොලරයක වටිනාකම රුපියල් 155/- ලෙස සැලැකූ විට එහි වටිනාකම රුපියල් බිලියන 4774ක් විය.

කැබිනට් සංශෝධනය විහිලුවක්

ජනතාව අපේක්ෂා කළ වෙනස සිදුකිරීමට රජය අපොහොසත්ව ීඇති බවත් කැබිනට් සංශෝධන විහිලුවක් බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානානයක මහතා පැවැසීය.

කැබිනට් සංශෝධනයෙන් පසුව ජනපති ලේකම්කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව පැවැසීය.

ජනපති - අගමැති වෙන වෙනම ජාතිය අමතයි

පළාත් පාලන මැතිවරණයෙන් පසු පළමු වරට ජනපති හා අගමැති වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ජාතිය ඇමතීමට නියමිතය.

ඒ අනුව, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අද (16දා) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඩොලරය රු. 157 ත් ඉක්‌මවයි

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (15 දා) රුපියල් 157 ද ඉක්‌මවා ගියේය.

මේ අනුව මහ බැංකුව විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද නවතම විනිමය අනුපාත අගයත් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 157.20 දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි. පෙරේදා (14දා) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 156.74 ක්‌ විය.

ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ හදනවා - දයාසිරි කියයි

එක්‌සත් ජාතික පක්‍ෂය දැන් මොනවා කිව්වත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ ආණ්‌ඩුවක්‌ හැදීමට තම පක්‍ෂය ගත් තීරණයේ කිසිදු වෙනසක්‌ නැති බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ඊයේ (15 වැනිදා) පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය යටතේ යහපාලන ආණ්‌ඩුව 2020 වසර තෙක්‌ පවත්වාගෙන යන බවට ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ කළ ප්‍රකාශය සමග ශ්‍රීලනිපය එකඟ වෙනවා දැයි නැගූ පැනයට පිළිතුරු දෙමින් ජයසේකර මහතා එසේ කීය.

පළමු විස්සයි20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති පළමු විස්සයි20 තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

බංග්ලාදේශයෙන් එල්ල වූ ලකුණු 194ක ඉලක්කය පන්දුවාර 16.4කදී කඩුලු 4ක් පමණක් වැය කර සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

හසිනි අමේන්ද්‍රාට ඇප

මහජන බැංකුවේ සේවිකාවක ලෙස කටයුතු කරමින් සිටියදී රන් භාන්ඩ සොරකමක් සිදු කිරීම නිසා පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවත් මවමින් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතවේදී වික්‌ටර් රත්නායකගේ බිරිඳ වන හෂිනි
අමෙන්ද්‍රා රත්නායක දැඩි ඇප කොන්දේසි පනවා
ඇපමත මුදාහැරීමට තංගල්ල මහෙස්‌ත්‍රාත් මහිල් විඡේවීර මහතා නියෝග කර තිබේ.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනකුගේ ඇප බැඳුම්කර මත මුදාහළ ඇයට විදේශ ගමන් වළක්‌වන නියෝගයක්‌ ද පනවා තිබේ.

නදීකා චන්ද්‍රසේකරගේ විවාහය දෙදරයි

ජනප්‍රිය රංගන ශිල්පිණී නදීකා චන්ද්‍රසේකරගේ විවාහයද මේවන විට දෙදරා ඇති බවට වාර්තා වෙනවා.නදීකාගේ විවාහය සිදුවුණේ 2013 දීයි.

කෙසේවෙතත් මේ දෙදෙනා වෙන්වීමට ගත් තීරණය අනුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වනවා.නදීකා චන්ද්‍රසේකර කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පෙනී සිටියේ ඇයගේ සැමියා ඇයට විවාහ වංචාවක් කළ බව දක්වමින්.ඒ යසන්ත පුෂ්පකුමාර සමරවීර නමැති ඇයගේ සැමියා මීට පෙර නුවර ප්‍රදේශයේ විවාහ වු අයෙකු බවත් ඔහු ඒ බව නදිකාගෙන් වසන් කර ඇයව විවාහ කරගෙන ඇති බවටයි.

දින 365න් දින 124ක් රජයේ නිවාඩු

මෙම වර්ෂයේ (2018) දින 365න්දින 124ක් රජයේ නිවාඩු දින ලෙස යෙදී තිබේ.

රාජ්‍ය ආයතනවලින් මහජනතාවට සේවය සැලසීමේදී විශාල නිඩාඩු දින ප්‍රමාණයක් යෙදී තිබීම බාධාවක් විය හැකි බැවින් නිවාඩු ගැන නොසිතා රජයේ නිලධාරීන් සේවය සැලසිය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය රාජ්‍ය නිලධාරීන්ට ප්‍රකාශ කර තිබේ.

ජනපති, මංගලගේ ගැසට් නිවේදනය අවලංගු කරයි.

මත්පැන් සඳහා කාන්තාවන්ට පනවා තිබු වාරණ ඉවත්කරමින් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත්කළ ගැසට් නිවේදනය වහාම අවලංගු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝගකර ඇත.

අද (14) අගලවත්තේ පැවති ශ්‍රීලනිප ප්‍රචාරක රැලියකදී ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

හෂිනි රත්නායක 17 දක්වා බන්ධනාගාරයට

රන්භාන්ඩ වංචාවක් සඳහා සැකපිට අද 9 උදෑසන පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ප‍්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිද වන හෂිනි රත්නායක අද සවස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන17 වන දින දක්වා සතියක කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පොලිසියට කටඋත්තර නොදී සිටියදී උසාවි නියෝග මත ඇය අත්අඩංගුවට සැරසුණ අවස්ථාවේ අද උදේ ඇය නීතීඥයෙකු මාර්ගයෙන් තංගල්ල පොලීසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට පත් විය.

සනුකගේ පෙම්වතිය වින්ඩිද?

සනුක වික්‍රමසිංහ කියන්නේ වර්තමාන තරුණ පරපුරේ ඉදිරියෙන්ම සිටින ගායකයෙක්. සංගීත් වික්‍රමසිංහගේ පුතා විදිහට ක්‍ෂේත්‍රයට ආවත් සනුක මේ වනවිට ඔහුටම ආවේණික සංගීත සම්ප්‍රදායක්ද ගොඩනගා ගෙන තිබෙනවා. මේ රටේ ඉන්න ජනප්‍රිය ගායක ගායිකා යුවළකගේ බාල දියණිය සමග සනුකගේ නම ඈදිලා මේ දවස්වල කටකතාවකුත් පැතිරිලා යනවා.

රනිල් වගේ නිවුණු කෙනෙක්ට දේශපාලනය සුදුසු නෑ

ඊයේ දිනයේ සමාජජාල මාධ්‍යයන්වල බොහෝ සෙයින් කතාබහට ලක්වුණේ අපේ අගමැතිතුමා ප්‍රවීන නිළි අයිරාංගනී සේරසිංහ මහත්මිය සමග කළ නර්තනයක වීඩියෝවක් ගැනයි.