නදීකා චන්ද්‍රසේකරගේ විවාහය දෙදරයි

ජනප්‍රිය රංගන ශිල්පිණී නදීකා චන්ද්‍රසේකරගේ විවාහයද මේවන විට දෙදරා ඇති බවට වාර්තා වෙනවා.නදීකාගේ විවාහය සිදුවුණේ 2013 දීයි.

කෙසේවෙතත් මේ දෙදෙනා වෙන්වීමට ගත් තීරණය අනුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වනවා.නදීකා චන්ද්‍රසේකර කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පෙනී සිටියේ ඇයගේ සැමියා ඇයට විවාහ වංචාවක් කළ බව දක්වමින්.ඒ යසන්ත පුෂ්පකුමාර සමරවීර නමැති ඇයගේ සැමියා මීට පෙර නුවර ප්‍රදේශයේ විවාහ වු අයෙකු බවත් ඔහු ඒ බව නදිකාගෙන් වසන් කර ඇයව විවාහ කරගෙන ඇති බවටයි.
කෙසේවෙතත් විත්තිකරු වන යසන්තද උසාවියේ පෙනී සිට ඇති අතර නඩුව පෙබරවාරි මසට කල් තබා ඇති බවටයි වාර්තා වන්නේ.