ජනපති - අගමැති වෙන වෙනම ජාතිය අමතයි

පළාත් පාලන මැතිවරණයෙන් පසු පළමු වරට ජනපති හා අගමැති වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ජාතිය ඇමතීමට නියමිතය.

ඒ අනුව, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අද (16දා) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග පවසයි.


ජනපති - මාධ්‍ය ප්‍රධානි හමුව අවලංගුයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර අද (16) උදේ කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුව හදිසියේ අවලංගු කල බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජානාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද උදේ 8.00ට ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන බැවින් ඊට සහභාගි වන්නයි ජනාධිපති කාර්යාලය මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව ආරාධනා කර තිබිණි.

ජනාධිපතිවරයා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාප නියෝජිතයින් සමග ඊයේ රාත්‍රී පැවති සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණයක් මත එසේ මාධ්‍ය සාකච්ඡාව කල්දැමූ බව පැවසේ.