කැබිනට් සංශෝධනය විහිලුවක්

ජනතාව අපේක්ෂා කළ වෙනස සිදුකිරීමට රජය අපොහොසත්ව ීඇති බවත් කැබිනට් සංශෝධන විහිලුවක් බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානානයක මහතා පැවැසීය.

කැබිනට් සංශෝධනයෙන් පසුව ජනපති ලේකම්කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව පැවැසීය.

විහිලුවේ පළමු කොටස අද දිනයේදී සිදුවූ බවත් ඉදරියේදී දෙවැනි කොටස සිදුවෙනු ඇති බවත් ඔහු පැවැසීය.

"මම දන්නේ ජනතාව මේකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා. ඔවුන් අඩාවිද, හිනාවේවිද නැත්නම් ගල් ගසාවිදැයි දන්නේ නෑ."