ගාල්ල ගිංතොට ප්‍රදේශය ආශ්‍රිතව හට ගත් නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් ග්‍රාම සේවා වසම් කිහිපයකට සෙනසුරාදා (නොවැ 18) උදෑසන 09.00 වන තෙක් පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.කුරුඳුවත්ත, මහහපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත, ගිංතොට සහ පියදිගම එසේ පොලිස් ඇඳිරි නීතිය පනවන ලද ග්‍රාම සේවා වසම් අතර වේ.
සිම්බාබ්වේ හමුදාව රජය පෙරළයි
සිම්බාබ්වේ හමුදාව ඊයේ එරට පාලනය අතට ගත්තේය. 1980 සිට වසර 37 පුරා අසාධාරණ ලෙස බලයේ රැඳෙමින් අතිශය පීඩාකාරී තත්වයක් ජනතාවට උරුම කළ ජනාධිපති රොබට් මුගාබේ ආරක්ෂිතව සිටින බව එරට ජාතීක රූපවාහිනීය ඔස්සේ හමුදා ප්‍රකාශයක් කරමින් හමුදා ප්‍රධානියා සඳහන් කළේය. මුගාබේ
ජනාධිපතිවරයා නිවස තුළ කොටු වී ඇතැයි ඊට යාබද රට වන දකුණු අප්‍රිකානු ජනාධිපතී ජාකෝබ් සූමා සඳහන් කර තිබේ.
විදුලි මෝටර් රථ බද්ධ සංශෝධනය වෙයි
නවතම විදුලි මෝටර් රථ සඳහා පමණක් ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරුණු බදු සහනය, වසරක් දක්වා භාවිත කළ විදුලි මෝටර් රථ සඳහා ද ලබා දීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද (15) නිකුත් කෙරෙන බව මුදල් අමාත්‍යංශ ආරාංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් පහකට එරෙහිව විනය පරීක්ෂණ
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නආරච්චි සහ දිලුම් අමුණුගම යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රී ලනිපය සැරසෙන බව ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ලංකාවේ දිනකට පවුල් 300ක් දික්කසාද වෙනවා!
දිනකදී ලංකාවේ විවාහක පවුල් 300ක් පමණ දික්කාසාද වන බව සංඛ්‍යාලේඛන ඇසුරින් පෙනීයන්නේ යැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පවසයි.
ඇය මේ බව පැවසුවේ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවීමෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පසුගියදා පැවැති Art Of living (ජීවත් වීමේ කලාව) නම් රසවින්දන වැඩසටහනේදීය.
පෙම්වතාට පහරදී පෙම්වතිය දූෂණය කරයි
පෙම්වතුන් යුවළක් බියවද්දා, පෙම්වතාට පහරදී පෙම්වතිය සමූහ අපයෝජනයට ලක් කළ බවට සැකකෙරෙන තරුණයන් පස් දෙනෙකු ඊයේ (12ද) අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්වූයේ, 17 සිට 25 වයස් කාණ්ඩයේ පසුවන 49 කණුව ප්‍රදේශයේ පදිංචි තරුණයන් පස්දෙනෙකි.
පූසා ඇදුම රෝගය වළක්‌වයි
නිවසෙහි පූසෙකු ඇති දැඩි කිරීම කුඩා දරුවන්ට ඇදුම රෝගය සෑදීම වැළැක්‌වීමට උපකාරී වන බව ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.
කුඩා දරුවන් 400 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් යොදා ගනිමින් සිදු කර ඇති මෙම අධ්‍යයනයට අනුව පූසෙකු සමඟ වැඩෙන දරුවන් ඇදුම රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාව ඉතා අඩු බව අනාවරණය වී ඇතැයි අධ්‍යයනය මෙහෙය වූ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් හි ළමා වියේ ඇදුම රෝගය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්‌ථානයේ ජාකොබ් ස්‌ටොක්‌හෝම් පවසයි. ඔහුට අනුව පූසන් විසින් පිටත සිට නිවසට රැගෙන එන බැක්‌ටීරියා දිලීර හෝ වෛරසයන් හරහා ඇදුම රෝගයට හේතු වන ජාන විශේෂය අක්‍රිය වීම මෙම තත්ත්වයට හේතු වේ.
මෛත්‍රී - මහින්ද හමුවක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් කඩිනමින් සිදුවන බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එහෙත් මෙම නායක හමුවේදී දෙපක්ෂය එක්ව ඉදිරි මැතිවරණ තරග කිරීම ගැන සාකච්ඡාවක් සිදු නොවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. දෙපක්ෂයේම ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් ගණනාවකගේ මැදිහත්වීම මත හමුව සිදුවන බව සඳහන්ය.
සීනි දැමූ පැණි බීමවලට වැඩිය බියර් ගුණයි - මුදල් ඇමැති
සීනි දැමූ පැණි බීම පානය කරනවාට වඩා බියර් එකක් පානය කිරීම ගුණදායක බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා මේ බව කීවේ සීනිවලටත් බද්දක් ගසා ඇතැයි අයවැය විවාදයට එක්‌වෙමින් සුනිල් හඳුන්නෙත්ති මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.
කිලෝ 12 ක් බරැති ගෝවා ගෙඩියක්
මතුරට හයිෆොරස්‌ට් ප්‍රදේශයේ එළවළු එකතු කිරීමට ගිය හඟුරන්කෙත මා ඔය ප්‍රදේශයේ පදිංචි ආර්. එම්. විඡේකෝන් බණ්‌ඩා මහතාට එහි ගෝවා කොටුවක වැවී තිබුණු කිලෝ 12 ක් බරැති මෙම ගෝවා ගෙඩිය නෙළා ගත හැකි වී ඇත.
පෙම්වතිය ජනේලයක ගැටගසා පෙම්වතා වස බී නසී
සිය පෙම්වතිය ඇගේ නිවසේ ජනේලයක ගැටගසා ඇය ඉදිරිපිට අවිස්‌සාවේල්ල - කුඩාගම තරුණයකු වස පානය කර සිය දිවි හානිකර ගෙන ඇති බව කොස්‌ගම පොලිසිය පවසයි.
මෙසේ දිවි නසාගෙන ඇත්තේ අවිස්‌සාවේල්ල - කුඩාගම ප්‍රදේශයේ වයස අවුරුදු 22 තරුණයෙකි.
කවුරුත් දැක්කේ නැති අතුලගේ සුබ පැතුම ! (Photo)
අතුල අධිකාරිගේ සහ සමිතාගේ පුතාගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.ඒ වෙනුවෙන් ඔවුන්ගේ දියණිය කාවින්ද්‍යා අධිකාරි ද ෆේස්බුක් ඔස්සේ සුභ පතා තිබුණා.ෆේස්බුක් ඔස්සේ කාවින්ද්‍යා තැබූ සුබ පැතුම බොහෝදෙනෙකුගේ අවදානයට යොමුවී තිබුනා.
මේ අතර අතුල අධිකාරිත් සිය පුතා වෙනුවෙන් සුබ පැතුම් එක්කර තිබුණා.කෙසේ වුවත් පසුගිය දිනක අතුල – අමායා දෙපලගේ දියණියගේ උපන්දිනය සැමරීමටත් අතුල අධිකාරී සහභාගී වී තිබුනා.සිය පුතා වෙනුවෙන් අතුල අධිකාරී තැබූ සුබ පැතුම පහතින් බලන්න.
පෙට්‍රල් හිඟයත් සමඟ බුකිය රත්වුණු හැටි ! (Photos)
පෙට්‍රල් හිඟයක් නිසා ඉන්ධන පිරවුම්හල්වල දිඟු පෝලිම් ඊයේ වගේම අදත් දකින්න ලැබුණා.මේ නිසා හුඟක් අයට දැඩි අපහසුතාවයන්ට මුහුණ දෙන්නත් සිදුවෙලා.කොහොම හරි මේ ඉන්ධන හිඟයත් සමඟම මුහුණුපොත පුරා විවිධ Post හුවමාරු වෙන්න පටන් ගත්තා.
අපි පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි post කිහිපයක් මේ විදිහට ඔබ වෙත ගෙන එන්න අපි හිතුවා.තෙල් අර්බුධය බුකිය රත්කළ හැටි පහතින් බලන්න.
හිරුණිකාගේ නඩුවේ සෙසු පිරිස වරද පිළිගනී
දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවට අදාළව වරද පිළිගන්නා බව විත්තිකරුවන් 8 දෙනෙකු අද (06) ප්‍රකාශ කළා.
ඒ, සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදියි. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා.
ගීතාට දුන් තීන්දුවෙන් බැසිල් විසිවෙයි
ගීතා කුමාරසිංහ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික තීන්දුව නිසා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන බලාපොරොත්තු සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බව පක්ෂ තොරතුරු මඟින් අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කළ බැසිල් රාජපක්ෂ මහතා බලාපොරොත්තුව සිටියේ පසුගියදා ගීතා කුමාරසිංහ මහත්මිය සම්බන්ධයෙන් දුන් නඩු තීන්දුව ඇයට වාසි සහගත ලෙස වූවානම් නැවත පාර්ලිමේන්තු සටනට පිවිසීමටයි.
එ්කාබද්ධය දෙකඩ වෙයි
ලබන ජනවාරි මස අවසානයේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇති වීම නිසා ඒකාබද්ධ විපක්ෂය කොටස් දෙකකට වෙන් වීමේ අවදානමක් මතු වී තිබේ.
ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් තිලාන් සමරවීර එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඔහු 2019 ලෝකු කුසලාන තරාවලිය තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ඇත.
රු. 25000 වාහන දඩ ලබන මස සිට
රථවාහන වැරදි 5ක් සම්බන්ධයෙන් රු. 25000ක දඩමුදල් අය කිරීමේ නීතිය ලබන මස සිට ක්‍රියාත්මක වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා කීය.
මේ සම්බන්ධ කෙටුම්පත තවමත් නිකුත් කර නැති හෙයින් තරමක ප්‍රමාදයක් පැවතුණද හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදනු ලබන බවද ඒ මහතා කීය. ඒ අනුව බීමත්ව රිය පැදවීම, රියැදුරු බලපත්‍රයක් නැතිව රිය පැදවීම හෝ එවැන්නකුට තම රථය පැදවීමට ඉඩ දීම, අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගවලින් ධාවනය කිරීම, රක්ෂණ ආවරණයක් නැතිව රිය ධාවනය යන වැරදි සඳහා රු. 25000ක් බැගින් දඩ මුදල් නියම කරනු ඇත.



















