100 පැන්න අයට ආණ්ඩුවෙන් මාසෙකට 5,000ක්

අඩු ආදායම්ලාභි වයස අවුරුදු සියය ඉක්ම වු වැඩිහිටියන් සඳහා රුපියල් 5,000 ක මාසික දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ (08* පැවැති මාධ්‍ය හමුව අමතමින් කැබිනට් සම ප‍්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසීය.

වයස අවුරුදු 100 ඉක්මවූ වයෝවෘද්ධ වැඩිහිටි ජනගහනයක් රටක සිටීම, එරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සංවර්ධනය පිළිබිඹු කරන මිනුම් දණ්ඩක් ලෙස සැලකේ. මේ වන විට වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටියන් 350ක් පමණ ශ‍්‍රී ලංකාව තුළ වෙසෙන බවට හඳුනාගෙන ලැබ ඇති අතර ඒ අනුව ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා රැුපියල් 5000ක මාසික දිමනාවක් ලබා දීම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබේ.

සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී දිසානායක මහතා කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

දිල්රුක්ෂි ග්‍රේරු