පෙම්වතිය ජනේලයක ගැටගසා පෙම්වතා වස බී නසී

සිය පෙම්වතිය ඇගේ නිවසේ ජනේලයක ගැටගසා ඇය ඉදිරිපිට අවිස්‌සාවේල්ල - කුඩාගම තරුණයකු වස පානය කර සිය දිවි හානිකර ගෙන ඇති බව කොස්‌ගම පොලිසිය පවසයි.

මෙසේ දිවි නසාගෙන ඇත්තේ අවිස්‌සාවේල්ල - කුඩාගම ප්‍රදේශයේ වයස අවුරුදු 22 තරුණයෙකි.

පෙම්වතිය අවුරුදු 15 ක තරුණියක්‌ වන අතර ඇය වෙනත් තරුණයකු සමඟ සබඳතාවක්‌ ඇති කරගෙන ඇති බවට ලද තොරතුරකට අනුව මියගිය පෙම්වතා ඇගේ නිවසේ කිසිවකු නොමැති අවස්‌ථාවකදී පැමිණ ඇගෙන් ඒ පිළිබඳව විමසා ඇය ජනේලයක ගැටගසා සිය දිවි හානි කොටගෙන ඇත.

දැනට අවිස්‌සාවේල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇති මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කිරීමට නියමිතය.

කොස්‌ගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.