සජිත්ට ආණ්ඩුව භාරගන්න කියයි


රාජ්‍ය පාලනය භාරගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ආරාධනා කර ඇත.

මහ නාහිමිවරුන්ගෙන් යළිත් ලිපියක්


තමන් වහන්සේලා ජනපති, අගමැති, විපක්ෂනායක ඇතුළු මැති ඇමතිවරුන්ට යොමුකළ ලිපි සඳහා කිසිඳු සාධනීය පියවරක් ගැනීමට අපොහොසත් වි ඇති බවත් ඒ පිළිබඳව සිය බලවත් අප්‍රසාදය පළ කරන බවත් සඳහන් කරමින් තෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා තෙවැනි වතාවටත් ලිපියක් යොමුකර තිබේ.

වෙසක් පෝය දා විදුලි කප්පාදුවක් නෑ


එළැඹෙන වෙසක් පොහෝ දින (15 දා) දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

හර්තාලයට දිගින් දිගටම ඉඩ නෑ

රට තුළ හර්තාලයක් දිගින් දිගට ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. මෙම හර්තාලය නිසා ජනතාවගේ දෛනික වැඩකටයුතු අඩාල වන බවත් ඉන් සිදුවන පාඩුව විශාල බවත් අගමැතිවරයා පැවසීය. අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය පවා මේ නිසා අඩාල වී ඇති බවද අගමැතිවරයා කීවේය. නෝමන් පලිහවඩන

ගාලුමුවදොර කසාවතින් වැසේ


අද (07) දින ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන් වහන්සේලා විසින් පාගමනකින් ගාලු මුවදොර අරගල භුමියට වැඩමකළහ.