දිනක්ෂි සැඟවූ දියණියගේ රුව මෙන්න


කාලයෙන් කාලයට අපේ රටේ පුවත් මවන රංගන ශිල්පින් යුවළක් තමයි දිනක්ෂි ප්‍රියසාද් සහ සාරංග දිසාසේකර කියන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේත් බොහෝ විට සිය පෞද්ගලික තොරතුරු සමාජගත කරන්නට මොවුන් සමත් කිව්වොත් හරියටම හරි. ඒ නිසාම මොවුන්ගේ අනුගාමිකයින් අතර මෙම යුවලම ප්‍රසිද්ධයි. කෙසේ නමුත් මේ ප්‍රසිද්ධියට හිමිකම් කියන්න තවත් සුරතල් දියණියක් ඔවුන්ගේ පවුලට එකතු වුණේ මොවුන් දෙදෙනාට මව් – පිය පදවි උරුමකර දෙමින්.

සටන් නළු විල්සන්කරු දිවි සැරිය නිමා කරයි


සිංහල සිනමාවේ ප්‍රවීණ සටන් නළුවකු හා සටන් අධ්‍යක්ෂවරයකු වූ විල්සන් කරු අභාවප්‍රාප්ත වී තිබේ. 1942 වසරේ උපත ලැබූ විල්සන් කරුණාරත්න කලක් අසනීප තත්වයෙන් පසුවිය.

යෝෂිතගේ File එක අනුර කියවයි


අද (3) පැවති දූෂණ විරෝධී හඩ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා යොෂිත රජපක්ෂගේ ෆයිල් එක අතට ගෙන මධ්‍ය ඉදිරියේ එය කියවූයේ මෙසේය.

''යෝෂිත රාජපක්ෂගේ ඉඩම් ලියිස්තුව...සිරි බෝපුර කැලය ඔප්පු අංක 4129 ඉඩම් ප්‍රමාණය හෙට්ටයාර් .05යි,රුපියල් මිලියන 1.6යි,මියලදී ගත්ත ඉඩම්.සිරි බෝපුර කැලය ඔප්පු අංක 4130 රුපියල් මිලියන 1.6කට ගත්ත මිල දන්නවගේ ඔප්පු ලියනකොට.

ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන200ක ණයක් ගනියි


ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 200ක ණයක් ලබා දීමට එකඟ වී ඇතැයි බලශක්ති ඇමති කාන්චන විජේසේකර ප්‍රකාශ කරයි. ඇමති කාන්චන විජේසේකර මේ බව පවසා ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

 මැයි මාසයේදී ඉන්ධන තොග රැගත් නැව් 04 මෙරටට ලඟාවීමට නියමිත බවද ඔහු එහිදී පවසා ඇත. ඉන්දියාව මේ වනවිට ඉන්ධන තොග ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 500ක සම්පූර්ණ ණය මුදලක් ලබාදුන් බවත් ලංකා රජය විසින් තවත් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ඉල්ලා ඇති බවත් ඇමතිවරයා පවසයි.

අගමැති මහින්ද ඉවත්වෙයි?


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. මෙ අනුව ඔහු එළැඹෙන 04 දා පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කිරිමට නියමිත බව වාර්තා වෙයි.

අග්‍රමාත්‍යවරයා ඉවත්වුවහොත් අමාත්‍ය මණ්ඩලයද අහොසි වෙයි. එසේම අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් එළැඹෙන 04 දා පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරිමටද සමගි ජන බලවේගය තිරණය කර තිබේ.