මහින්දානන්ද කඩේකට ගොස් වෙළෙන්දාට ගහලා
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා පහරදුන් බව කියන පුද්ගලයෙකු ගම්පොල රෝහලට ඇතුළත් වී තිබෙනවා.
ඔහු වැටකේදෙණිය සමගි ජනබලවේග කොට්ඨාශ නායක චන්දන ශාන්ත කුමාර නමැත්තෙකු බවයි වාර්තාකරු සඳහන් කළේ.
කන්න නෑ, පොහොර නෑ, 60 හැවිරිදි පියා එල්ලී මරුට
ආර්ථික පීඩනය දරාගත නොහැකිව හැට හැවිරිදි පියෙකු ගෙල වැල ලාගෙන මියගොස් ඇති අතර මෙලෙස මරණයට පත්වූ පුද්ගලයා ගල්ගමුව - වලස්වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා තම ජීවිකාව ලෙස පුහුල් වගාවක් කරගෙන ගොස් ඇති අතර තෙල් පොහොර නොමැතිකම නිසා එයද අසාර්ථක වී තිබේ.
ජැකලින්ගේ කෝටි 7ක ගිණුම අත්හිටුවයි
ශ්‍රී ලාංකික සුරුපී බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි 7ක ස්ථාවර තැන්පතුවක් අත්හිටුවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දියාවේ සිදු වු විශාලතම දූෂිත මුදල් ගනුදෙනුවක පරීක්ෂණවලට අදාළව එම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
සරනාගතයින් ලෙස රට පැනීම 30%කින් වැඩිවෙලා
ආර්ථික අර්බුදය නිසා වැඩි ආදායම් සොයා ගැනීමේ අරමුණින් මෙරටින් විදේශයන්ට නීති විරෝධී ක්‍රම මඟින් පැන යෑමද 30%කින් පමණ වැඩිවී ඇතැයි ආරක්ෂක අංශ ප්‍රධානීහු පවසති.
විශේෂයෙන්ම මුහුදු මාර්ගයෙන් මෙම පැනයෑම සුලභව සිදුවන හෙයින් බොහෝ මුහුදු කලාපයන්හි නාවික රැකවල් මෑතක සිට තවත් වැඩි කර ඇතැයි නාවික හමුදාව පවසයි.
ඖෂධ වර්ග 60ක මිල ඉහළට
ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළ නංවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන මහතාගේ අත්සනින් යුතුවයි.
ඊට අනුව යම් උපලේඛනගත ඖෂධයක් විකුණනු ලබන නිෂ්පාදකයෙකුට හෝ ආනයනකරුවෙකුට ප්‍රතිශෝධිත සිල්ලර මිල සමානුපාතිකව සම්පූර්ණ වශයෙන් 40% ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට හැකියාව ලැබෙනු ඇති.




