ශ්‍රී ලංකාව බංග්ලාදේශයට පරදී

නිදහස් කසලානය යටතේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද 16 පැවති විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් විය. මුලින් පන්දුවට පහරදී ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 159 බංග්ලාදේශය පසුකර ගියේ ඔවුනගේ ඉනිමේ අවසාන පන්දුවට පෙර පන්දුවේදී 6 පහරක් ගසමිනි.මේ අනුව නිදහස් කුසලාන

අවසන් තරගය සඳහා දැනට තේරී සිටින ඉන්දියාව සමග තරග වදිනු ඇත්තේ බංගලිදේශයයි. මව්රටේදී තුන්කොන් තරගාවලියක පිටපිට තරග 3 ක් ලංකාව පරාජයට පත්වූ මුල්ම අවස්ථාවද මෙය වෙයි.

මහා ප්‍රාඥ ස්ටීවන් හෝකින් දිවියෙන් සමුගනී

ලොව මෙතෙක් පහළ වූ ප්‍රමුඛතම භෞතික විද්‍යාඥකු වූ බ්‍රිතාන්‍ය ජාතික ස්ටීවන් හෝකින් අද (14) එංගලන්තයේ කේම්බ්‍රිජ් හිදී අභාවප්‍රාප්ත විය.

මෙතෙක් ලොව විද්‍යාඥයන්ගේ අනාවරණයන්ට ලක් නොවූ කළු කුහර (Black Holes) සහ සාපේක්ෂතා වාදය පිළිබඳව ලොව විස්මිත සොයාගැනීම් කිහිපයක් සිදු කළ ඔහු මිය යන විට 76 වෙනි වියෙහි පසුවිය.

මහසොහොන් බලකායේ ලොක්කාගේ බිරිද කතා කරයි

මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් මහසොහොන් බලකායේ ප‍්‍රධානී අමිත්ත වීරසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහු බිරිද විසින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.

‘මගෙ මහත්තය අමිත්ත වීරසිංහ මේ වෙනකොට ත‍්‍රස්තවාදී විමර්ෂණ ඒකකයෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. කාටවත් හානියක් වෙන දේවල් එයා කවදායත් කියලවත් කරලවත් නෑ. කඩවල් පල්ලි ගිනි තියන්න කියල සමාජය දැනුවත් කරල නෑ.

ඉන්දියාව පහසු ජයක් ලබයි

වර්ෂාව හේතුවෙන් පන්දු වාර 19 බැගින් පැවැත්වූ නිදහස් කුසලානයේ සිවුවැනි තරගය ජයගන්නට ඉන්දියාව සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ කඩුළු 9ක් දැවී ලකුණු 152ක් ලබා ගත්තේය. එහිදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 38කදී ලකුණු 55ක් ලබා ගත් අතර ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ෂර්දුල් ඨාකූර් පන්දු ඕවර 4 අවසානයේ ලකුණු 27ක් ලබාදී කඩුළු 4ක් ලබාගන්නට සමත් විය.

රමිත් රඹුක්‌වැල්ල අත්අඩංගුවට

නාරාහේන්පිට, නාවල පාරේදී රිය අනතුරක්‌ සම්බන්ධයෙන් වූ බහින් බස්‌ වීමකදී නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුවකුට පහර දෙන ලදැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම නියෝජනය කළ රමිත් රඹුක්‌වැල්ල 09 වැනිදා රාත්‍රි අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කියයි.

මොහු රාත්‍රි 11.00 ට පමණ අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේ බීමතින් සිටි බව නාරාහේන්පිට පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌  ඊයේ (11 වැනිදා) පැවැසීය.

ඇඟේ ලේ අඩු නම් පිළිකා සහ හෘදයාබාධ !

පාසල් දරුවන්, මැදි වියේ පුද්ගලයින් මෙන් ම මහළු වියේ සිටින බොහෝ පුද්ගලයින් රක්තහීනතාවයෙන් පෙළෙන අවස්ථා සුලභව දක්නට ලැබේ. වර්තමානයේ පවතින තරඟකාරී සමාජ රටාව තුළ කාර්යබහුල වන පුද්ගලයින් තමන්ටත් නොදැනීම රක්තහීනතාවයට ගොදුරු වේ. හිමොග්ලොබින් ශරීරයේ නිපදවීම අඩු වීම , රුධිරය වහනය වීම, සහ රතු රුධිරාණු ශරීරය තුළ දී විනාශ වීම යන ක්‍රම තුන මඟින් ශරීරයේ පවතින හිමොග්ලොබින් ප්‍රමාණය අඩු විය හැකි ය.

ජනපති අද ජපානයට

ශ්‍රී ලංකාව සහ ජපානය අතර තිබෙන මිතුදම තවදුරටත් ශක්තිමත් කරගනිමින් රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) ජපානය බලා පිටත්ව යයි.

ජපාන අගමැති ෂින්සෝ අබේ මහතාගේ ආරාධනයකට අනුව ජපානය බලා පිටත්ව යන ජනාධිපතිවරයා එළඹෙන 17 දා තෙක් එරට රැදී සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ෂී ජින්පින් සදාකල් ජනාධිපති

චීන ජනපති ෂී ජින්පින් මහතාට සිය ජීවිත කාලය පුරාම ජනපති ධුරයේ කටයුතු කිරීමේ අවස්‌ථාව උදාවී ඇත.චීන ජාතික කොංග්‍රසය විසින් ජනපති ධුරය දැරීමේ කාල සීමාව අහෝසි කර තිබේ.

මීට පෙර චීන ජනාධිපතිවරයකුට එම ධුරය දැරිය හැකිව තිබුණේ දෙවාරයකට පමණි. ෂී ජින්පින් ජනපතිගේ ධුර කාලය 2023 දී නිම වන්නට තිබුණත් මේ සංශෝධනය නිසා ඔහු සදහටම ජනපති වේ. චීන ජාතික කොංග්‍රසයේ නියෝජිතයන් 2964 අතරින් මෙයට විරුද්ධ වී ඇත්තේ දෙදෙනකු පමණි.


මහනුවර නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත දැනුම්දෙනතුරු යළි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.තෙල්දෙණිය, දිගන සහ පල්ලෙකැළේ යන ප්‍රදේශවලට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවට අමතරව යුද හමුදාව ඇතුලු ආරක්ෂක හමුදා කණ්ඩායම්ද යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

එමෙන්ම රටේ ස්ථාන කිහිපයක පවතින අසතුටුදායක ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන සතියක කාලසීමාවක් සඳහා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඊයේ පස්වරුවේ සිටක්‍රියාත්මක වන පරිදි හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළා.ඒ, මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කරමින්.

විස්සයි 20 තරගෙන් ඉන්දියාව ලංකාවට පරදී

මින් කලකට ඉහත ශ්‍රී ලංකාව ඉන්දියාවට ගොස් අති දරුණු පරාජ වැලකට මුහුණ දුන් පසු හතුරුසිංහ යටතේ පුහුණුව ලබමින් නව ශ්‍රී ලංකා කණ්ඩායම අද ඉන්දියාවට එරෙහිව ලංකාවේදී ක්‍රිකට් ජයක් වාර්තා කිරීම විශේෂ සිද්ධියකි.

අද ආර් ප්‍රේමදාස පිරටියේදී ඇරඹි නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ ඉන්දියාව සමග පැවති පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.