සිංහල අලුත් අවුරුදු නැකත්

පරණ අවුරුද්ද සඳහා ස්නානය :-

බන්දු සහ ටෙනී අවුරුදු 10කට පස්සේ එකම චිත්‍රපටයක

බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ කියන අති දක්ෂ විකට නළුවන් දෙදෙනා එකට රඟපාන චිත්‍රපටයක් මෑතකදී දකින්නට ලැබුණේ නැහැ. ඔවුන් දෙදෙනා එකට රඟපාන්නේ නැත්තේ හිත් අමනාපකම් නිසා කියලයි සමහරු කිව්වේ. ටෙනිසන් කුරේ සහ බන්දු සමරසිංහ අවුරුදු දහයකට පසුව ආයෙමත් එකට රඟපාන්නේ 'අයිබා ෆිල්ම්ස්' නිෂ්පාදනය කරන, සජීව සංකල්ප කියන තරුණ අධ්‍යක්ෂවරයාගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන 'යම රජ සිරි' චිත්‍රපටයේයි.

විමල්ගේ දියණිය විමාශාට A-9 යි

ඊයේ නිකුත්වූ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය විමාශා විශ්වාදරී විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබා සමත්ව ඇතැයි විමල්ට අයත් වෙබ් අඩවියක් මගින් ප්‍රසිද්ධ කර තිබේ.කොළඹ විශාඛා විද්‍යාලයේ ඇය ඉගෙනුම ලබමින් සිටින්නීය.

මෙවර කම්කරු දිනය කල්දමයි

මැයි මස 07 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් මැයි මස පළමු වන දිනට යෙදී ඇති රජයේ නිවාඩු දිනය අවලංගු කර තිබෙනවා.

මෙවර ලෝක කම්කරු දිනය සමඟ යෙදී තිබෙන වෙසක් සතිය සැලකිල්ලට ගනිමින් මැයි 01 වනදා පෙළපාලි සහ රැස්වීම් මැයි 07 වන දිනට කල් දැමීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව ජනාධිපතිවරයා සඳහන් කළා.

අප්‍රේල් 01 දා සිට නව බදු තුනක් ක්‍රියාත්මකයි

මෙවර සිංහල අලුත් අවුරුද්ද වාසනාවන්ත සුබ වසරක් වේවා කියා ප්‍රාර්ථනා කළ නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (27දා) පැවසීය.

අවුරුදු ප්‍රීතිය සමග ඛනිජ තෙල්,පොහොර,ගෑස්,රසායනික ද්‍රව්‍ය මිල වැඩිවීමට නියමිත බවත්, ඉන් පසුව ජනතාවට විශාල පීඩනයකින් යුතුව ජීවත්වීමට සිදුවන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

විශ්වාසභංගය ජය පරාජයේ තීරණය දෙමළ සන්ධානය අතේ

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම හෝ පරාජය කිරීම ස`දහා තීරණාත්මක සාධකය බවට පත්ව ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දහසය දෙනාගේ ඡන්දය බව එක්‌සත් ජාතික පක්‌ෂයේ සහ ඒකාබද්ධ විපක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයෝ දෙදෙනෙක්‌ ප්‍රකාශ කළහ.

මේ නිසා එක්‌සත් ජාතික පක්‌ෂය අගමැතිවරයාට පක්‌ෂව ඡන්දය ලබා ගැනීම ස`දහා ද්‍රවිඩ ජාතික සන්ධානය සමග සාකච්ඡා ආරම්භ කර ඇත. ඒaකාබද්ධ විපක්‍ෂයේ පිරිසක්‌ද ද්‍රවිඩ ජාතික සන්ධානය සමග සාකච්ඡා අරඹා ඇති අතර, ද්‍රවිඩ සන්ධානය විශ්වාසභංග යෝජනාවට පක්‌ෂව හෝ විපක්‌ෂව ඡන්දය දීමෙන් වළක්‌වාලීමේ පසුබිම ඒකාබද්ධ විපක්‌ෂය විසින් සකසමින් සිටින බව ඉහත ප්‍රකාශකයා කීවේය.

IOC තෙල්මිල ඉහළ දමයි

න්දීය තෙල් සමාගම ඩීසල් හා 92 ඔක්ටේන් පෙට්‍රල් මිල පිළිවෙලින් රැපියල් 5කින් හා 9කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ. ඊයේ (23දා) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන තිබේ. ලංකා ඛණිජ තෙල් සංස්ථාව සිය තෙල් මිල ඉහළ දැමීමට තවමත් තීරණය කර නොමැත.

කෙසේ වෙතත් සුපර් ඩීසල් හා 95 ඔක්ටේන් පෙට්‍රල් මිල ඉහළ දමා නොමැත. ඩීසල් ලීටරයක නව මිල රුපියල් 100ක් වන අතර පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 126ක් වෙනු ඇත.

දැරියක් දූෂණය කළ තරුණයෝ 5ක් දැලේ

බාලවයස්කාරියක් දූෂණය කළ තරුණයන් පස් දෙනකු පෙරේදා (19දා) අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය පවසයි. 2016 වර්ෂයේ සිට වරින්වර පෙම් සබඳතා ගොඩනඟා ගනිමින් 15 හැවිරිදි බාල වයස්කාරියක් මෙලෙස වරින්වර දූෂණයට ලක්වී ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.ඇය අවසන් වරට මාර්තු මස 01 සහ 13 වැනි දින මොරවක ප්‍රදේශයේ පාළු ගොඩනැඟිල්ලකදී දූෂණයට ලක් වූ බවද පැමිණිල්ලේ සඳහන් වෙයි.

සැම්සුන් ගැලැක්සි S9, S9+ මෙරටට

කොරියාවේ සැම්සුන් සමාගම විසින් සිය ගැලැක්සි මාදිලියට අයත් නවතම ස්මාර්ට්ෆෝන් උපාංගය, ඊයේ (19) දින කොළඹ දී එළිදක්වනු ලැබුණි.

මේ අනුව සැම්සුන් ගැලැක්සි S9 හා S9+ උපාංග මාර්තු 23දා සිට මෙරට පාරිභෝගිකයා හට ලබාගත හැකි වේ. නැතහොත් 23දා තෙක් Pre-order කිරීමෙන් ලබාගත හැකි වේ.

මෙම දුරකථන උපාංග වල සුවිශේෂීම ලක්ෂණය වන්නේ එහි වැඩිදියුණු කරන ලද කැමරාවයි. මන්දාලෝක තත්වයන් යටතේ වුවත් ඉතා පැහැදිලි ඡායාරූප හා වීඩියෝ ලබාගැනීමට Dual Aperture කාචයකින් හා Super Speed Dual පික්සල් වලින් මෙන්ම වීඩියෝ දසුන් ඉතාමත් මන්දගාමී අයුරින් හසුකරගැනීමට Super Slow-mo පහසුකම් ද මෙම උපාංග වල අඩංගු වේ.

විශ්වාසභංගයට ජවිපෙ සහාය

අග්‍රාමාතයවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ පසු එහි තිබෙන කරුණු සැලකිල්ලට භාජන කිරීමට කටයුතු කරන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

වර්තමාන ආණ්ඩුවේ බල කේන්ද්‍ර දෙකක් තිබෙන බවත් එකක් රනිල් වික්‍රමසිංහ බල කේන්ද්‍රය බවත් අනෙක් බල කේන්ද්‍රය සිරිසේන බල කේන්ද්‍රය බවද කියා සිටියේය.පසුගිය අවුරුදු තුන තුළම තිබුණේ මෙම බල කේන්ද්‍ර දෙකේ ගැටුම බවද සඳහන් කළේය.