දැනට තාවකාලිකව අගමැති යටතේ පවතින නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ප්‍රාදේශීය සංවර්ධන ඇමැති µSල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
එම අමාත්‍යාංශය ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙස නිල යෝජනාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑවීමටද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග කියා සිටී.