ජනපති - අගමැති වෙන වෙනම ජාතිය අමතයි

පළාත් පාලන මැතිවරණයෙන් පසු පළමු වරට ජනපති හා අගමැති වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ජාතිය ඇමතීමට නියමිතය.

ඒ අනුව, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අද (16දා) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඩොලරය රු. 157 ත් ඉක්‌මවයි

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (15 දා) රුපියල් 157 ද ඉක්‌මවා ගියේය.

මේ අනුව මහ බැංකුව විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද නවතම විනිමය අනුපාත අගයත් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 157.20 දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි. පෙරේදා (14දා) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 156.74 ක්‌ විය.

ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ හදනවා - දයාසිරි කියයි

එක්‌සත් ජාතික පක්‍ෂය දැන් මොනවා කිව්වත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ ආණ්‌ඩුවක්‌ හැදීමට තම පක්‍ෂය ගත් තීරණයේ කිසිදු වෙනසක්‌ නැති බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ඊයේ (15 වැනිදා) පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය යටතේ යහපාලන ආණ්‌ඩුව 2020 වසර තෙක්‌ පවත්වාගෙන යන බවට ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ කළ ප්‍රකාශය සමග ශ්‍රීලනිපය එකඟ වෙනවා දැයි නැගූ පැනයට පිළිතුරු දෙමින් ජයසේකර මහතා එසේ කීය.

පළමු විස්සයි20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති පළමු විස්සයි20 තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

බංග්ලාදේශයෙන් එල්ල වූ ලකුණු 194ක ඉලක්කය පන්දුවාර 16.4කදී කඩුලු 4ක් පමණක් වැය කර සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

හසිනි අමේන්ද්‍රාට ඇප

මහජන බැංකුවේ සේවිකාවක ලෙස කටයුතු කරමින් සිටියදී රන් භාන්ඩ සොරකමක් සිදු කිරීම නිසා පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවත් මවමින් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතවේදී වික්‌ටර් රත්නායකගේ බිරිඳ වන හෂිනි
අමෙන්ද්‍රා රත්නායක දැඩි ඇප කොන්දේසි පනවා
ඇපමත මුදාහැරීමට තංගල්ල මහෙස්‌ත්‍රාත් මහිල් විඡේවීර මහතා නියෝග කර තිබේ.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනකුගේ ඇප බැඳුම්කර මත මුදාහළ ඇයට විදේශ ගමන් වළක්‌වන නියෝගයක්‌ ද පනවා තිබේ.

නදීකා චන්ද්‍රසේකරගේ විවාහය දෙදරයි

ජනප්‍රිය රංගන ශිල්පිණී නදීකා චන්ද්‍රසේකරගේ විවාහයද මේවන විට දෙදරා ඇති බවට වාර්තා වෙනවා.නදීකාගේ විවාහය සිදුවුණේ 2013 දීයි.

කෙසේවෙතත් මේ දෙදෙනා වෙන්වීමට ගත් තීරණය අනුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වනවා.නදීකා චන්ද්‍රසේකර කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පෙනී සිටියේ ඇයගේ සැමියා ඇයට විවාහ වංචාවක් කළ බව දක්වමින්.ඒ යසන්ත පුෂ්පකුමාර සමරවීර නමැති ඇයගේ සැමියා මීට පෙර නුවර ප්‍රදේශයේ විවාහ වු අයෙකු බවත් ඔහු ඒ බව නදිකාගෙන් වසන් කර ඇයව විවාහ කරගෙන ඇති බවටයි.

දින 365න් දින 124ක් රජයේ නිවාඩු

මෙම වර්ෂයේ (2018) දින 365න්දින 124ක් රජයේ නිවාඩු දින ලෙස යෙදී තිබේ.

රාජ්‍ය ආයතනවලින් මහජනතාවට සේවය සැලසීමේදී විශාල නිඩාඩු දින ප්‍රමාණයක් යෙදී තිබීම බාධාවක් විය හැකි බැවින් නිවාඩු ගැන නොසිතා රජයේ නිලධාරීන් සේවය සැලසිය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය රාජ්‍ය නිලධාරීන්ට ප්‍රකාශ කර තිබේ.

ජනපති, මංගලගේ ගැසට් නිවේදනය අවලංගු කරයි.

මත්පැන් සඳහා කාන්තාවන්ට පනවා තිබු වාරණ ඉවත්කරමින් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත්කළ ගැසට් නිවේදනය වහාම අවලංගු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝගකර ඇත.

අද (14) අගලවත්තේ පැවති ශ්‍රීලනිප ප්‍රචාරක රැලියකදී ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

හෂිනි රත්නායක 17 දක්වා බන්ධනාගාරයට

රන්භාන්ඩ වංචාවක් සඳහා සැකපිට අද 9 උදෑසන පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ප‍්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිද වන හෂිනි රත්නායක අද සවස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන17 වන දින දක්වා සතියක කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පොලිසියට කටඋත්තර නොදී සිටියදී උසාවි නියෝග මත ඇය අත්අඩංගුවට සැරසුණ අවස්ථාවේ අද උදේ ඇය නීතීඥයෙකු මාර්ගයෙන් තංගල්ල පොලීසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට පත් විය.

සනුකගේ පෙම්වතිය වින්ඩිද?

සනුක වික්‍රමසිංහ කියන්නේ වර්තමාන තරුණ පරපුරේ ඉදිරියෙන්ම සිටින ගායකයෙක්. සංගීත් වික්‍රමසිංහගේ පුතා විදිහට ක්‍ෂේත්‍රයට ආවත් සනුක මේ වනවිට ඔහුටම ආවේණික සංගීත සම්ප්‍රදායක්ද ගොඩනගා ගෙන තිබෙනවා. මේ රටේ ඉන්න ජනප්‍රිය ගායක ගායිකා යුවළකගේ බාල දියණිය සමග සනුකගේ නම ඈදිලා මේ දවස්වල කටකතාවකුත් පැතිරිලා යනවා.