ආණ්ඩුව මාව හිරේ දාන්න හේතු හොයනවා

නීතිය අවනීතිය වූ රටක පුරවැසියන්ට ඇති එකම විසඳුම අයුක්තියට එරෙහිව නැඟීසිටීම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

"නීතිය අවනීතිය කරන වත්මන් රජයේ පොලිස් විමර්ශන" යන සිරස්තලය යටතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉහත සදහන කරයි.

අතුරුදන්ව සිටි ඉරණවිල දරුවා මරාදමලා

දින දෙකක්‌ තිස්‌සේ අතුරුදන්ව සිටි හලාවත, ඉරණවිල, සමිඳුගම පදිංචිව සිටි නව හැවිරිදි සුසිත් නිර්මාල් දරුවා කෲර අන්දමින් ඝාතනය කර ඉරණවිල කඩොලාන සහිත ළඳු කැලෑවක දමා තිබියදී හලාවත පොලිසිය මඟින් ඊයේ (27 දා) සොයාගෙන තිබේ.

දරුවාගේ මළ සිරුර හමුවන අවස්‌ථාවේ නිරුවත්ව තිබූ බව ද පොලිසිය කියයි.

මෙම කෲර ඝාතනය හේතුවෙන් සමිඳුගම ජනතාව දැඩි කම්පාවට පත්ව සිටිති.

මෙලෙස ඝාතනයට ලක්‌ව ඇත්තේ ඉරණවිල ශාන්ත පීතර විදුහලේ 4 වැනි වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකි. මෙම දරුවාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයා මේ වනවිට සැඟවී සිටින බවත් ඔහු පිට පළාතකින් පැමිණි පොල් කඩන්නකු බවත් පොලිසිය පවසයි.

අධික මහතට පිළියම් මෙන්න!

ශ්‍රී ලංකාව තුළද තරබාරුව හෙවත් අධික ලෙස මහත්වීම සීඝ්‍ර ලෙස ඉහළ යන බෝ නොවන රෝගයක් බවට පත්ව තිබේ. පසුගිය වසරේ කළ පරීක්ෂණ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාව තුළ තරබාරුව මෙන්ම අධිබර තත්ත්වය තදින් ඉහළයාමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. එයිනුත් වැඩිහිටි පිරිස අතර උදරාශ්‍රිත තරබාරු තත්ත්වයන් ඉහළ ගොස් තිබේ. මේ ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ විවිධ තරබාරු තත්ත්වයන් සහ ඒවායෙන් මිදීමට කරුණුය.

රුපියල බාල්දුවෙලා විදෙස් ණය ඩබල් වෙයි

ඇමෙරිකානු ඩොලරය හමුවේ දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීම නිසා ශ්‍රී ලංකාවේ විදේශ ණය කන්ද දින කිහිපයක් තුළ අති විශාල ගණනකින් ඉහළ ගොස් ඇතැයි දේශයට වාර්තා වෙයි.

2018 ජනවාරි 01දා වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් කෝටි 3080කි. (ඩොලර් බිලියන 30.8කි) ඩොලරයක වටිනාකම රුපියල් 155/- ලෙස සැලැකූ විට එහි වටිනාකම රුපියල් බිලියන 4774ක් විය.

කැබිනට් සංශෝධනය විහිලුවක්

ජනතාව අපේක්ෂා කළ වෙනස සිදුකිරීමට රජය අපොහොසත්ව ීඇති බවත් කැබිනට් සංශෝධන විහිලුවක් බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානානයක මහතා පැවැසීය.

කැබිනට් සංශෝධනයෙන් පසුව ජනපති ලේකම්කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව පැවැසීය.

ජනපති - අගමැති වෙන වෙනම ජාතිය අමතයි

පළාත් පාලන මැතිවරණයෙන් පසු පළමු වරට ජනපති හා අගමැති වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ජාතිය ඇමතීමට නියමිතය.

ඒ අනුව, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අද (16දා) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඩොලරය රු. 157 ත් ඉක්‌මවයි

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (15 දා) රුපියල් 157 ද ඉක්‌මවා ගියේය.

මේ අනුව මහ බැංකුව විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද නවතම විනිමය අනුපාත අගයත් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 157.20 දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි. පෙරේදා (14දා) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 156.74 ක්‌ විය.

ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ හදනවා - දයාසිරි කියයි

එක්‌සත් ජාතික පක්‍ෂය දැන් මොනවා කිව්වත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ ආණ්‌ඩුවක්‌ හැදීමට තම පක්‍ෂය ගත් තීරණයේ කිසිදු වෙනසක්‌ නැති බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ඊයේ (15 වැනිදා) පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය යටතේ යහපාලන ආණ්‌ඩුව 2020 වසර තෙක්‌ පවත්වාගෙන යන බවට ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ කළ ප්‍රකාශය සමග ශ්‍රීලනිපය එකඟ වෙනවා දැයි නැගූ පැනයට පිළිතුරු දෙමින් ජයසේකර මහතා එසේ කීය.

පළමු විස්සයි20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති පළමු විස්සයි20 තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

බංග්ලාදේශයෙන් එල්ල වූ ලකුණු 194ක ඉලක්කය පන්දුවාර 16.4කදී කඩුලු 4ක් පමණක් වැය කර සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

හසිනි අමේන්ද්‍රාට ඇප

මහජන බැංකුවේ සේවිකාවක ලෙස කටයුතු කරමින් සිටියදී රන් භාන්ඩ සොරකමක් සිදු කිරීම නිසා පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවත් මවමින් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතවේදී වික්‌ටර් රත්නායකගේ බිරිඳ වන හෂිනි
අමෙන්ද්‍රා රත්නායක දැඩි ඇප කොන්දේසි පනවා
ඇපමත මුදාහැරීමට තංගල්ල මහෙස්‌ත්‍රාත් මහිල් විඡේවීර මහතා නියෝග කර තිබේ.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනකුගේ ඇප බැඳුම්කර මත මුදාහළ ඇයට විදේශ ගමන් වළක්‌වන නියෝගයක්‌ ද පනවා තිබේ.