මෛත්‍රී - මහින්ද හමුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් කඩිනමින් සිදුවන බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එහෙත් මෙම නායක හමුවේදී දෙපක්ෂය එක්ව ඉදිරි මැතිවරණ තරග කිරීම ගැන සාකච්ඡාවක් සිදු නොවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. දෙපක්ෂයේම ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් ගණනාවකගේ මැදිහත්වීම මත හමුව සිදුවන බව සඳහන්ය.

සීනි දැමූ පැණි බීමවලට වැඩිය බියර් ගුණයි - මුදල් ඇමැති

සීනි දැමූ පැණි බීම පානය කරනවාට වඩා බියර් එකක්‌ පානය කිරීම ගුණදායක බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව කීවේ සීනිවලටත් බද්දක්‌ ගසා ඇතැයි අයවැය විවාදයට එක්‌වෙමින් සුනිල් හඳුන්නෙත්ති මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

කිලෝ 12 ක්‌ බරැති ගෝවා ගෙඩියක්‌

මතුරට හයිෆොරස්‌ට්‌ ප්‍රදේශයේ එළවළු එකතු කිරීමට ගිය හඟුරන්කෙත මා ඔය ප්‍රදේශයේ පදිංචි ආර්. එම්. විඡේකෝන් බණ්‌ඩා මහතාට එහි ගෝවා කොටුවක වැවී තිබුණු කිලෝ 12 ක්‌ බරැති මෙම ගෝවා ගෙඩිය නෙළා ගත හැකි වී ඇත.

පෙම්වතිය ජනේලයක ගැටගසා පෙම්වතා වස බී නසී

සිය පෙම්වතිය ඇගේ නිවසේ ජනේලයක ගැටගසා ඇය ඉදිරිපිට අවිස්‌සාවේල්ල - කුඩාගම තරුණයකු වස පානය කර සිය දිවි හානිකර ගෙන ඇති බව කොස්‌ගම පොලිසිය පවසයි.

මෙසේ දිවි නසාගෙන ඇත්තේ අවිස්‌සාවේල්ල - කුඩාගම ප්‍රදේශයේ වයස අවුරුදු 22 තරුණයෙකි.

100 පැන්න අයට ආණ්ඩුවෙන් මාසෙකට 5,000ක්

අඩු ආදායම්ලාභි වයස අවුරුදු සියය ඉක්ම වු වැඩිහිටියන් සඳහා රුපියල් 5,000 ක මාසික දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ (08* පැවැති මාධ්‍ය හමුව අමතමින් කැබිනට් සම ප‍්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසීය.

කවුරුත් දැක්කේ නැති අතුලගේ සුබ පැතුම ! (Photo)

අතුල අධිකාරිගේ සහ සමිතාගේ පුතාගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.ඒ වෙනුවෙන් ඔවුන්ගේ දියණිය කාවින්ද්‍යා අධිකාරි ද ෆේස්බුක් ඔස්සේ සුභ පතා තිබුණා.ෆේස්බුක් ඔස්සේ කාවින්ද්‍යා තැබූ සුබ පැතුම බොහෝදෙනෙකුගේ අවදානයට යොමුවී තිබුනා.

මේ අතර අතුල අධිකාරිත් සිය පුතා වෙනුවෙන් සුබ පැතුම් එක්කර තිබුණා.කෙසේ වුවත් පසුගිය දිනක අතුල – අමායා දෙපලගේ දියණියගේ උපන්දිනය සැමරීමටත් අතුල අධිකාරී සහභාගී වී තිබුනා.සිය පුතා වෙනුවෙන් අතුල අධිකාරී තැබූ සුබ පැතුම පහතින් බලන්න.

පෙට්‍රල් හිඟයත් සමඟ බුකිය රත්වුණු හැටි ! (Photos)

පෙට්‍රල් හිඟයක් නිසා ඉන්ධන පිරවුම්හල්වල දිඟු පෝලිම් ඊයේ වගේම අදත් දකින්න ලැබුණා.මේ නිසා හුඟක් අයට දැඩි අපහසුතාවයන්ට මුහුණ දෙන්නත් සිදුවෙලා.කොහොම හරි මේ ඉන්ධන හිඟයත් සමඟම මුහුණුපොත පුරා විවිධ Post හුවමාරු වෙන්න පටන් ගත්තා.

අපි පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි post කිහිපයක් මේ විදිහට ඔබ වෙත ගෙන එන්න අපි හිතුවා.තෙල් අර්බුධය බුකිය රත්කළ හැටි පහතින් බලන්න.

හිරුණිකාගේ නඩුවේ සෙසු පිරිස වරද පිළිගනී

දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවට අදාළව වරද පිළිගන්නා බව විත්තිකරුවන් 8 දෙනෙකු අද (06) ප්‍රකාශ කළා.

ඒ, සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදියි. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා.

ගීතාට දුන් තීන්දුවෙන් බැසිල් විසිවෙයි

ගීතා කුමාරසිංහ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික තීන්දුව නිසා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන බලාපොරොත්තු සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බව පක්ෂ තොරතුරු මඟින් අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කළ බැසිල් රාජපක්ෂ මහතා බලාපොරොත්තුව සිටියේ පසුගියදා ගීතා කුමාරසිංහ මහත්මිය සම්බන්ධයෙන් දුන් නඩු තීන්දුව ඇයට වාසි සහගත ලෙස වූවානම් නැවත පාර්ලිමේන්තු සටනට පිවිසීමටයි.

එ්කාබද්ධය දෙකඩ වෙයි

ලබන ජනවාරි මස අවසානයේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇති වීම නිසා ඒකාබද්ධ විපක්ෂය කොටස් දෙකකට වෙන් වීමේ අවදානමක් මතු වී තිබේ.