ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් තිලාන් සමරවීර එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඔහු 2019 ලෝකු කුසලාන තරාවලිය තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ඇත.

රු. 25000 වාහන දඩ ලබන මස සිට

රථවාහන වැරදි 5ක් සම්බන්ධයෙන් රු. 25000ක දඩමුදල් අය කිරීමේ නීතිය ලබන මස සිට ක්‍රියාත්මක වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා කීය.
මේ සම්බන්ධ කෙටුම්පත තවමත් නිකුත් කර නැති හෙයින් තරමක ප්‍රමාදයක් පැවතුණද හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කිරීමට ‍කටයුතු යොදනු ලබන බවද ඒ මහතා කීය. ඒ අනුව බීමත්ව රිය පැදවීම, රියැදුරු බලපත්‍රයක් නැතිව රිය පැදවීම හෝ එවැන්නකුට තම රථය පැදවීමට ඉඩ දීම, අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගවලින් ධාවනය කිරීම, රක්ෂණ ආවරණයක් නැතිව රිය ධාවනය යන වැරදි සඳහා රු. 25000ක් බැගින් දඩ මුදල් නියම කරනු ඇත.

සතියේ ලග්න පලාපල

මේෂ – අඩුපාඩු සහිතයි

පියසේනට ලොකු ඇමැතිකමක් !

ගීතා කුමාරසිංහ මහත්මියගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරය හිමිවන ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රබල අමාත්‍ය ධුරයක් ලබා දෙන ලෙස ශ්‍රී ලනිප ගාල්ල දිස්ත්‍රික් ජනතාව සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් හා පළාත් සභා මන්ත්‍රිවරුන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇතැයි දකුණු පළාත් සභා මන්ත්‍රි රත්ගම ශ්‍රී ලනිප ආසන සංවිධායක අමරසිරි කුරුවගේ මහතා ගාල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසීය.

අගමැති රනිල් බැඳුම්කර කොමිසමට කැඳවයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසමට කැඳවීමට පියවර ගන්නා බව කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා ඊයේ දැනුම් දුන්නේය.

ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොමසම විසින් රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකළ ප්‍රශ්නාවලියට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශයේ සඳහන් ඇතැම් කරුණු පැහැදිලි කරගැනීම සඳහා ඒ මහතා කැඳවීමට කොමිසම පියවර ගන්නා බව දැනුම් දුන්නේය.

ඇමරිකාව ග්‍රීන් කාඩ් අහෝසි කරයි

ඇමරිකාවට සංක්‍රමණය වීම සඳහා අවස්ථාව සැලසෙන ග්‍රීන් කාඩ් ලොතරැයි වැඩසටහන අහෝසි කිරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානූ ජනාධිපතිවරයා විසින් එම වැඩසටහන අත්හිටුවීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස කොංග්‍රස් මණ්ඩලයට උපදෙස් දී තිබෙන බවයි අමෙරිකානු මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ.

ලක් සතොසින් සහල්, පරිප්පු මිල අද සිට පහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සහ පරිප්පු මිල ගණන් පහළ දැමීමට ලංකා සතොස පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඒ අනුව සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 78 ක මිලකටත් නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 74 ක මිලකටත් අලෙවි කෙරෙනු ඇති.

ගම්පහ ආසන සංවිධාය ධූරය රංජන්ට

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන සංවිධාය ධූරය සඳහා නියොජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පත්කර තිබෙනවා.මෙම පත්වීම එම පක්ෂයේ මහ ලේකම්වරයා විසින් ඊයේ (31) සිදුකළ බව සඳහන්.

එක්සත් ජාතික පක්ෂය පසුගියදා (30) නව ආසන සංවිධායකවරුන් 31 දෙනෙකු හා දිස්ත‍්‍රික් සංවිධායකවරුන් 3 දෙනෙකු පත් කළා.නව පත් කිරීම්වලට අනුව, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට දිවුලපිටිය ආසන සංවිධායක ධුරය අහිමි වූ අතර ඒ වෙනුවට පත් කර තිබුණේ ආචාර්ය කිත්සිරි මංචනායකයි.‍

ඩීසල් පෙට්‍රල් මිල අඩුවෙයි?

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරි දින කිහිපයේදී තෙල් මිල අඩු කිරීම සඳහා තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.

විශේෂයෙන්ම මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා ඇති ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් ඉදිරි මැතිවරණය සහ අයවැය ඉලක්ක කර මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය 26වැනිදා කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය අගෝස්තු මාසයේදී රුපියල් මිලියන 7,729ක්ද, සැප්තැම්බර් මාසයේදී රුපියල් මිලියන 9,630ක්ද වන බවයි.

රා ‍පොල්කට්ටටත් බදු

රා මැදීම සඳහා මින් මතුවට සුරාබදු බලපත‍්‍ර අනිවාර්ය වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව පොල් හා තල්ගස්වලින් රා මැදීම සඳහා මින් මතුවට බලපත‍්‍රයක් ලබාගත යුතුවේ. මේ සම්බන්ධයෙන් සුරාබදු ආඥා පනතේ 15 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව පොල් ගස් හා තල් ගස්වලින් රා මැදීමට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් හෝ අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බලපත‍්‍රයක් ලබාගැනීම අනිවාර්ය කර තිබේ. එහෙත් කිතුල් ගස්වලින් රා මැදීම සඳහා බලපත‍්‍රයක් ලබා ගැනීම අවශ්‍ය නොවේ.