විමල් වීරවංශ ආහාර එපා කියයි

බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මැගසින් බන්ධනාගාරය තුළ උපවාසයක් ආරම්භ කර තිබේ. අද (22දා) පෙරවරුවේදී ඔහු මෙම උපවාසය ආරම්භ කර ඇති අතර උදෑසන ආහාරයද මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

තමාට එරෙහිව රජය විසින් දේශපාලන වශයෙන් පළිගැනීමක් සිදුකරන බව සඳහන් කරමින් මන්ත්‍රීවරයා උපවාසය ආරම්භ කර තිබේ. පුද්ගලික තීරණයක් අනුව මන්ත්‍රීවරය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත් ඒ පිළිබඳව කතානාක කරු ජයසූරිය මහතා දැනුවත් කර ඇති බවත් වාර්තා වෙයි.

බිකිණි තරුණියන්ගේ කෝපි කඩේ Video

ඇමෙරිකාවේ වොෂින්ටන් හි පිහිටා ඇති අපූරු කෝපි අලෙවිසලක් ගැන තොරතුරු අන්තර්ජාලයේ පළවී තිබෙනවා. එම අලෙවිසලේ නම “බිකිණි බීන් එක්ස්ප්‍රසෝ”.

නාලන්දා විදුහල්පති ධුරයෙන් ඉවත් කරයි

කොළඹ නාලන්දා විද්‍යාලයාධිපති රංජිත් ජයසුන්දර මහතා විදුහල්පති ධුරයෙන් ඉවත් කර බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් කීවේය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත ඔහු එම ධුරයෙන් ඉවත් කර ඇති බවද සඳහන් වේ.

රමේෂ් – මොහාන් – සජින් සංවිධායක ධුරවලින් දොට්ට

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහාන් ප්‍රියදර්ශනද සිල්වා සහ වෛද්‍ය රමේෂ් පතිරණ වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරවලින් ඉවත් කර තිබේ.

ඊට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාද ශ්‍රීලනිප සංවිධායක ධුරයෙන් ඉවත් කර ඇත.

වසරේ හොඳම මුදල් ඇමති සම්මානය රවීට

මුදල් අමාත‍්‍ය රවී කරුණානායක මහතා අද (22) බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

බ්‍රිතාන්‍යයේ “ද බෑන්කර් “ සඟරාව මඟින් ආසියා පැසිපික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස නම් කිරිමට අදාල සම්මානය ලබා ගැනීම සඳහා රවී කරුණානායක මහතා බ්‍රිතාන්‍යය බලා පිටත්ව යන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඇල්ල ප්‍රදේශයේ තරුණයින් 27ක් ඒඩ්ස් හදාගත්ත හැටි

බදුල්ල ඇල්ල සංචාරක කලාපය දෙස් විදෙස් බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයකි. ඇල්ලේ සිදුවූ අමිහිරි සිදුවීමක් පිළිබඳව අප වෙත තොරතුරු වාර්තා වී තිබේ.

මීට මාස කිහිපයකට උඩදී රුසියානු ජාතික සුරූපී තරුණියන් දෙදෙනෙකු ඇල්ල ප්‍රදේශයේ සංචාරය සඳහා පැමිණ තිබෙන අතර එහි පරිසර පද්ධතිය අධ්‍යනයට යැයි පවසමින් සංචාරක නිකේතනයක නවාතැන්ගෙන ඇත.

අර්ජුනගේ අරක්කු කම්හලට විශාල බදු සහනයක්‌

ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අර්ජුන ඇලෝසියස්‌ මහතා විසින් මඩකලපුවේ කල්කුඩාහි ආරම්භ කිරීමට නියමිත ස්‌ප්‍රිතු නිෂ්පාදනාගාරයට විශාල බදු සහනයක්‌ ලැබීමට නියමිතය.

ඇලෝසියස්‌ මහතාට අයත් ඩබ්. එම්. මෙන්ඩිස්‌ අරක්කු සමාගම විසින් මෙම ස්‌ප්‍රිතු නිෂ්පාදනාගාරය සඳහා ආයෝජනය කරන මුදල රුපියල් බිලියන 4.5 කි.

සුරූපි රොබෝ තරුණියක් සමග ලිංගික සබඳතා

සජීවී පෙනුම ඇති රොබෝ තරුණියක් සමග ලිංගික සබඳතා පැවැත්විය හැකි බව ඔබ විස්වාස කරනවාද..
අපි මේ කියන්න යන්නේ ජාත්‍යන්තර මාධ්‍ය ඒ සම්බන්ධයෙන් කල වාර්තා කිරීමක් පිලිබඳවයි.
මෙම රොබෝ තරැණිය නිර්මාණය කර තිබෙන්නේ සිලිකන් මගිනුයි.ලිංගික අවයවද ඉතා තාත්වික ලෙස සකස් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය දක්වන්නේ.

මාධ්‍යවේදීන්ට පහරදුන් පියුමිගේ කොල්ලෝ භාරවෙති

පසුගිය 15දා කිරිබත්ගොඩ හෝටලයකදී අන්තර්ජාල නිරූපිකා පියුමි හංසමාලි සමඟ පැමිණි ඇයගේ පෙම්වතා බව කියන තරුණයා ඇතුළු පිරිසක් හා මාධ්‍යවේදීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් පසුඅදාළ සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ කරද්දී ඒ සම්බන්ධ සැකකරුවන් සිවුදෙනා පෙරේදා 19දා කිරිබත්ගොඩ පොලිසියට ඉදිරිපත් වී භාරවී ඇත. පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අතර අද හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරන බව කිරිබත්ගොඩ පොලිසිය පවසා තිබේ.

විදුලි රැහැන් ආසන්නයේ ගොඩනැගිලි ඉදිකිරීම තහනම්

විදුලි රැහැන් හා ගොඩනැගිලි අතර පැවතිය යුතු අවම දුරක් හා පරතර සම්බන්ධයෙන් නව රෙගුලාසි ක්‍රියාවට නැංවීමට රජය තීරණය කර තිබේ.

සම්ප්‍රේෂණ හෝ බෙදාහැරීමේ සාපේක්ෂව බෙදාහරින රැහැනේ වෝල්ටීයතාවය අනුව තැබිය යුතු අවම පරතරය විදුලිබල ආරක්ෂාව පිළිබඳ රෙගුලාසි 36 හා 37 වන නිවේදනය යටතේ දන්වා ඇති අතර රැහැනේ වෝල්ටීයතාව වෝල්ට් 1000ට වැඩි ඒ රැහැනක සිට ගොඩනැගිල්ලක් දක්වා අවම පරතරය සිරස්ව මීටර් 2.4 ක් තිරස්ව දුර මීටර් 1.5ක් වේ.