නාලන්දා විදුහල්පති ධුරයෙන් ඉවත් කරයි

කොළඹ නාලන්දා විද්‍යාලයාධිපති රංජිත් ජයසුන්දර මහතා විදුහල්පති ධුරයෙන් ඉවත් කර බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් කීවේය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත ඔහු එම ධුරයෙන් ඉවත් කර ඇති බවද සඳහන් වේ.

විදුහල්පතිවරයා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන ලෙස නිර්දේශ කර ඇත්තේ මාර්තු මස 16 වැනි දින බවද අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ ය.

කෙසේ වෙතත් තවදුරටත් පාස‍ලේ රැඳී සිටීමට අවසර ඉල්ලා ඇතත් ඊයේ (21) වන විට විදුහල්පතිවරයා පාසලෙන් ඉවත්ව ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ය.