වසරේ හොඳම මුදල් ඇමති සම්මානය රවීට

මුදල් අමාත‍්‍ය රවී කරුණානායක මහතා අද (22) බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

බ්‍රිතාන්‍යයේ “ද බෑන්කර් “ සඟරාව මඟින් ආසියා පැසිපික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස නම් කිරිමට අදාල සම්මානය ලබා ගැනීම සඳහා රවී කරුණානායක මහතා බ්‍රිතාන්‍යය බලා පිටත්ව යන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ලබන 24 වන දා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර “ද බෑන්කර් “ සඟරාවේ ප්‍රධාන මූලස්ථානයේදී සම්මාන ප්‍රදානය සිදු කෙරෙන බව සඳහන් වෙයි.

මෙරට ආර්ථික වර්ධනය මනා ලෙස කලමණාකරණය කරමින් එය ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට හැකිවීම අගය කරමින් ආසියා පැසිපික් කලාපයේ 2017 හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා නම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.