බිකිණි තරුණියන්ගේ කෝපි කඩේ Video

ඇමෙරිකාවේ වොෂින්ටන් හි පිහිටා ඇති අපූරු කෝපි අලෙවිසලක් ගැන තොරතුරු අන්තර්ජාලයේ පළවී තිබෙනවා. එම අලෙවිසලේ නම “බිකිණි බීන් එක්ස්ප්‍රසෝ”.

මෙහි විශේෂත්වය වන්නේ කෝපි අලෙවිසලෙහි සේවයේ නියැලී සිටින සියලුම දෙනා කාන්තාවන් වීමත්, එම සියලුම සේවිකාවන්ගේ නිල ඇඳුම බිකිණියක් වීමත් බව කියැවෙනවා. සුන්දර දර්ශන දැකීමත් සමග පුද්ගලයන්ගේ කෑම රුචිය වැඩි වන නිසා තමන් මෙම නිල ඇඳුම තම සේවිකාවන්ට නියම කිරීමට තීරණය කළ බව එහි හිමිකාරිය පවසනවා.
අවශ්‍ය නම් එම ඇඳුමට උඩින් ඉදිරිපසින් ඒප්‍රනයක් පැළඳ සිටීමට තමන්ගේ ආයතනයේ සේවිකාවන්ට අවසර දී ඇති නමුත් ඔවුන් කිසිවකු එසේ ඒප්‍රන් නොපළඳින බව එහි හිමිකාරිය වන කාලි ජෝ නැමැත්තිය පවසනවා.

වැඩිදුරටත් ඇය පවසන්නේ කාන්තාවන් සවි බල ගැන්වීම වෙනුවෙන් තම ආයතනය කාන්තාවන්ට පමණක්ම රැකියා අවස්ථා ලබා දෙන බවයි.

බිකිණි බීන් එක්ස්ප්‍රසෝ අවන්හලේ තේමාපාඨය වන්නේ “මෙතෙක් කල් ඔබ රසවිඳි කෝපි රසින් අඩු ඇයි දැයි ඇවිත් බලන්න”යන්නයි.

වොශිංටන් පැත්තේ යන අය මේ අවන්හලට යන්න අමතක කරන්න එපා..