විවිධ රෝගාබාධ සුව කරන කළුදුරු

අගවිනිසුරු ශ්‍රි පවන් විශ්‍රාම යයි

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා මෙම මස 28දා විශ්‍රාම ලැබීමට නියමිතය. මෙරට 44 වැනි අගවිනිසුරැවරයා ලෙස කටයුතු කළ ශ්‍රී පවන් මහතා විශ්‍රාම ලබන්නේ වසර 39ක් නීති වෘත්තියේ සේවය කිරීමෙන් අනතුරුවය. වසර 2015 සිට 2017 දක්වා වසර දෙකක් ශ්‍රී පවන් මහතා අගවිනිසුරු ධුරය දැරීය.

විශ්‍රාම ලබන අගවිනිසුරුවරයාට සමුදීම සඳහා මෙම 28 අඟහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ සැසියක් කැඳවා තිබේ.

මම නඩු දානවා

වත්මන් යහපාලන රජය විසින් 2015 පෙබරවාරි මස සිදු කළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළ ගැසට්‌ පත්‍රය පෙරදාතම් කොට තමාගේ නමින් මුද්‍රණය කිරීමෙන් තමාට විශාල අපහාසයක්‌ සිදුවී ඇති බැවින් මෙයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු වත්මන් මුදල් ඇමැතිවරයාට සහ මුදල් අමාත්‍යාංශයට එරෙහි නඩු පැවරීමට තමා තීරණය කර ඇතැයි හිටපු ජනාධිපති සහ හිටපු මුදල් හා ක්‍රමසම්පාදන ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

ඔබ ලෙඩ ආකරයක් කරන ‘එළවළු’ තෙල්

නාමල් චන්ද්‍රිකාගෙන් වන්දියක් ඉල්ලයි

තමන්ගේ කීර්ති නාමයට අපහාසයක් කොට ඇතැයි සඳහන් කරමින් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් රුපියල් මිලියන 250ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

එම මුදල නොගෙවන්නේ නම් නඩු පවරන බවද එම එන්තරවාසිය මඟින් දැනුම් දී ඇත. ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මඟින් එම එන්තරවාසිය යොමු කොට තිබේ.

ලසිත පුතුට ලෝකය දකින්න උදව් කරන්න


සෑම මවුපිය යුවලකටම තිබෙන වටිනාම සම්පත දරුවන්ය. මිනිසාට පමණක් නොව එය සතා සිව්පාවට ද පොදු වූ ධර්මතාවයකි. උපතින් දෑසම අහිමි මාස අටක් වයසැති තම ආදරණීය පුතණුවන්ට දෑසක් ලබා ගැනීමට වෙහෙසෙන මවුපිය යුවලක් විල්ගමුවේ දී අපට හමු විය.

හැංගි හැංගි ඇල්ලීම තහනම්

මාර්ගයේ තැන්තැන්වල සැඟව සිට එකවර මාර්ගයට කඩා පනිමින් රථවාහන නඩු ලබා නොගන්නා ලෙස සියලුම රථවාහන පොලිස් නිලධාරින්ට නියෝග නිකුත් කර ඇත.

රථවාහන හා අපරාධ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ඉකුත්දා මෙම නියෝගය දිවයිනේ සියලු ම කොට්ඨාස භාර නිලධාරින් දිස්ත්‍රික් භාර නිලධාරින් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා සියලු ම ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දෙනු ලැබීය.

ලෝක ක්‍රිකට්‌ සම්මාන වැඩි හරියක්‌ කෝලිට

ලොව සිටින විශිෂ්ඨතම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් අගයමින් ඊ.එස්‌.පී.එන්. ක්‍රික්‌ඉන්ෆෝ ආයතනය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික සම්මාන උළෙල ඊයේ (24 දා) රාත්‍රියේදී ඉන්දියාවේදී පැවැත්වුණි. එහිදී ප්‍රධාන සම්මාන පහක්‌ සඳහා ඉන්දියානු ක්‍රිකට්‌ නායක විරාට්‌ කෝලිගේ නම නිර්දේශ වී තිබුණි.

මැතිව්ස් බංග්ලාදේශ සංචාරයට

පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේ දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස්ගේ තත්ත්වය සුවදායක පැත්තට හැරෙමින් පවතින අතර, ඔහුට ප්‍රතිකාර කරනු ලබන විශේෂඥ වෛද්‍ය කමිටුවේ විශේෂ පරීක්‍ෂාවකට පෙරේදා ඔහුව ලක්කර තිබිණි.

ඒ පිළිබඳව විමසූ විට එම වෛද්‍ය කමිටුවේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසුවේ දැන් ඇන්ජිලෝ මැතිව්ස්ගේ තත්ත්වය සතුටුදායක මට්ටමක පවතින බවත්, එළැඹෙන බංග්ලාදේශ ක්‍රිකට් සංචාරය මැදදී ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත්ය.

කැන්ගරුවන් පැරදූ සිංහයන් යළි දිවයිනට (VIDEO)