කැන්ගරුවන් පැරදූ සිංහයන් යළි දිවයිනට (VIDEO)


ඔස්ට්‍රේලියාවේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කිරීම සඳහා තමන් ඇතුළු කණ්ඩායමට හිමි වූ අභියෝගය ජය ගැනීමට හැකි වීම පිළිබඳව සතුටු වන බව ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් නායක උපුල් තරංග පවසයි.

ඔහු මේ බව පැවසුවේ, ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව ය.

ඔස්ට්‍රේලියාව සමග පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට එක්වූ උපුල් තරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම යළි දිවයිනට පැමිණියේ ය.

එහිදී ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් කටුනායක ගුවන්තොටුපොළින් සිය නිවෙස් බලා පිටත් වීමට පෙර අද උපන් දිනය සමරන චාමර කපුගෙදර සමග සතුට බෙදා ගත්තේ මෙලෙසිනි.