නාමල් චන්ද්‍රිකාගෙන් වන්දියක් ඉල්ලයි

තමන්ගේ කීර්ති නාමයට අපහාසයක් කොට ඇතැයි සඳහන් කරමින් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් රුපියල් මිලියන 250ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

එම මුදල නොගෙවන්නේ නම් නඩු පවරන බවද එම එන්තරවාසිය මඟින් දැනුම් දී ඇත. ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මඟින් එම එන්තරවාසිය යොමු කොට තිබේ.

ඩුබායි බැංකුවක නාමල් රාජපක්ෂ නමින් ඇමෙරිකන් ඩොලර් මිලියන 1000ක් සහ සිංගප්පූරුව, හොංකොං වැනි රටවල තවත් මුදල් ඇතැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කරන ලදැයි කියන ප්‍රකාශයට එරෙහිව එම එන්තරවාසිය යොමු කොට ඇත.