ඔබ ලෙඩ ආකරයක් කරන ‘එළවළු’ තෙල්


එළවළු අපේ පෝෂණය උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකරන ආහාරයකි. එ නිසා එළවළු ආහාරයට ගැනීමට බොහෝ දෙනා පෙලඹෙති. එළවළු පිළිබඳව ඇති විශ්වාසය නිසාම එළවළු තෙල්ද අපට හිතකර යැයි බොහෝ දෙනා විශ්වාස කරති.

 පසුගිය කාලයේ ඇතැම් වෛද්‍යවරු පවා පොල් තෙල් අහිතකර බවත් එළවළු තෙල් හිතකර බවත් කීහ. දැන් ඔවුහුම පොල් තෙල්වල ගුණ කියති. අද වන විට එළවළු තෙල් භාවිතය ඉතා ඉහළ මට්ටමක පවතී. ගෙදර කුස්සියේ සිට සංචාරක හෝටලයේ කුස්සිය තෙක්ම වැඩි වශයෙන් භාවිත කෙරෙන්නේ එළවළු තෙල්ය. පොලේ, මහ මග අයිනේ සිටින වඩේ වෙළෙන්දාගේ පටන් නගරයේ සාප්පු දමාගෙන සිටින බයිට් වෙළෙන්දන් පවා වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ එළවළු තෙල්ය. මේ නිසා අද අපේ රටේ පොඩි එකාගේ පටන් මහල්ලා දක්වා බහුතරයක් දෙනා දිනකට සැලකිය යුතු එළවළු තෙල් ප්‍රමාණයක් ශරීරගත කරගනිති.

එළවළු වලින් තෙල් හිඳින්නට බැරි බව මොළය පොඩිත්තක් පාවිච්චි කළ විට අවබෝධ කරගත හැකි නමුත් බොහෝ දෙනා මේ වෙළෙඳ උප්පරවැට්ටියට හසුවී සිටිති. එහෙත් එළවළු තෙල් නමින් විශ්වාසයෙන් පාවිච්චි කරන මේ තෙල සිරුරට අහිතකර, බෝනොවන රෝග ගණනාවකට පාර කපන ද්‍රව්‍යයක් බව පර්යේෂණ ගණනාවකින් ඔප්පු වී තිබේ. එහෙත් අවාසනාවකට බොහෝ දෙනකු විශ්වාස කරන්නේ, යොදය සහිත කිරි, බටර්, චීස්, මස් ආදියෙහි ඇති සංතෘප්ත මේද හෘදයාබාධවලට හේතුවක් බවයි.

එළවළු තෙල් සහ සංතෘප්ත මේද පිළිබඳ සාම්ප්‍රදායික මතය බිඳහෙළමින් බි්‍රතාන්‍යයේ කීර්තිමත් හෘද රෝග විශේෂඥයකු වන අසීම් මල්හෝත්‍රා බි්‍රටිෂ් මෙඩිකල් ජර්නලයේ තුලනාත්මක විග්‍රහයක් පළ කර තිබු‚. බි්‍රතාන්‍යයේ ඇක්ෂන් ඔන් සුගර් සංවිධානයේ සමාරම්භකයා වන වෛද්‍ය මල්හෝත්‍රා, එරට, නැෂනල් ඔඛෙසිටි ෆෝරම්හි උපදේශකවරයකුද වෙයි. සංතෘප්ත මේද පිළිබඳ සාම්ප්‍රÞයික මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කරන ඔහු සංතෘප්ත මේද හා හෘදයාබාධ අතර සැලකිල්ලට ගත යුතු තරමේ සම්බන්ධයක් පෙන්වන්නට මෑත කාලයේ සිදු කළ කිසිදු පර්යේෂණයකට නොහැකි වී ඇති බව අවධාරණය කරයි.

හෘදයාබාධ නිසා රෝහල් ගතකරන ලද රෝගීන්ගෙන් තුනෙන් දෙකකගේම කොලෙස්ටරෝල් මට්ටම සාමාන්‍ය වූ බවද ඔහු පෙන්වා දෙයි. ලොව සිදුවන මරණවලින් බහුතරයක් වැරදි ආහාර පුරුදු නිසා සිදුවන බව පෙන්වා දෙන වෛද්‍ය මල්හෝත්‍රා එ අතර ඔමේගා 6 අඩංගු එළවළු තෙල් ඉදිරියෙන්ම සිටින බව අවධාරණය කරයි.

වෛද්‍යවරුන්ද ඇතුළුව බොහෝ සෞඛ්‍ය වෘත්තිකයන් නියමිත ප්‍රමාණයට වඩා බර වැඩි, නැතිනම් ස්ථුලභාවයෙන් පෙළන්නන් බවද ඔහුගේ ලිපියේ සඳහන් වේ. රෝහල්වලදී රෝගීන්ට නුසුදුසු ආහාර ලබාදීම හා විකිŒමද ඔහුගේ විවේචනයට ලක්ව තිබේ. සංතෘප්ත මේද හානිකර බවට මතයක් ඉදිරිපත් කරන ලද්දේ වෛද්‍ය අන්සිල් කීස් විසින් මීට දශක 6කට පමණ පෙරදීය. සෙවන් කන්ටි්‍ර ස්ටඩි නමින් ප්‍රසිද්ධ පර්යේෂණයක් ආශ්‍රයෙන් ඔහුගේ මතය ඉදිරිපත් කරන ලදි. 20 වන සියවස ආරම්භ වන විට හෘදයාබාධ යන්න ආගන්තුක වචනයක් වූයේය. මේ වචනය දෙස ලෝකයේම අවධානය යොමු වූයේ 20 වැනි සියවසේ යන්ත්‍රානුසාරයෙන් වා‚ජමය වශයෙන් එළවළු තෙල් නිපදවීම ඇරඹුණු පසුවය. වෛද්‍ය මල්හෝත්‍රා මෙසේ පවසයි:

අපිට ඇමෙරිකාව ආශ්‍රයෙන් ඉතා වැදගත් කරුණක් පැහැදිලි කරගත හැකියි. පසුගිය වසර 50ක කාලය තුළ ඇමෙරිකාවේ ජනතාවගේ කැලරි අවශ්‍යතාවෙන් 90%ක්ම ලබාගෙන තියෙන්නෙ කාබෝහයිඩ්‍රේට් හා වා‚ජමය ලෙස නිපදවෙන එළවළ තෙල්වලින්.

ඇමෙරිකාවේ හෘද රෝග වසංගතය 1960-70 කාලයේ ඉතා ඉහළ නැග්ගා. එය ආරම්භ වුණේ 1920 දී පමණයි. අපගේ දත්ත විශ්ලේෂණයේදී ඉතා පැහැදිලිව අනාවරණය වුණා ඔමේගා 6 අඩංගු අසංතෘප්ත මේද හෘදයාබාධවලට ප්‍රධානම හේතුවක් බව.˜

ඔමේගා 3 සිරුරට හිතකර බව බොහෝ විට ඔබ අසා ඇතැයි සිතමු. ඔමෙගා 3 මෙන්ම ඔමෙගා 6 ද සිරුරට අවශ්‍යය. එහෙත් මේ දෙවර්ගය තිබිය යුතු අනුපාතයක් තිබේ. පුරාණ මිනිසාගේ ආහාරවල ඔමෙගා 3ට ඔමෙගා 6 අනුපාතය වී ඇත්තේ 1:1 ය. යන්ත්‍රානුසාරයෙන් ආහාර නිෂ්පාදනය ඇරඹුණු පසු මේ අනුපාතය ක්‍රමයෙන් වෙනස් විය. 20 වැනි සියවස අවසාන වන විට මේ අනුපාතයේ කැපී පෙනෙන වෙනසක් දක්නා ලැබු‚. ඇමෙරිකානු වාර්තාවලට අනුව 1935-39 අතර ඔමෙගා 6-ඔමෙගා 3 අනුපාතය 8.4:1කි. 1935-85 වන විට එය 10.3:1 දක්වා 23%කින් ඉහළ ගියේය. ඇතැම් සංඛ්‍යාලේඛන පවසන්නේ 1985 වන විට මේ අනුපාතය 12.4:1ක් වී ඇති බවයි.

අද වන විට මේ අනුපාතය 20:1ක් බවත් ඇතැමුන්ගේ මේ අනුපාතය 25:1ක් බවත් අනාවරණය වී තිබේ. මෙය ඉතාම හානිකර තත්ත්වයක් වන්නේ ඔමෙගා 6 අධික වීම හෘදයාබාධවලට හේතුවන දැවිල්ල සහිත ඉදිමුමට :සබකේපප්එසදබ- ප්‍ර්‍රබල හේතුවක් බැවිනි. මාළුතෙල්, කළුදුරු වැනි ඔමේගා 3 බහුල ආහාර ගන්නැයි මේ දිනවල නිතර අසන්නට ලැඛෙන්නේත්, ඔමෙගා 3 ඇතුළත් ඖෂධ හා අතිරේක ආහාර වර්ග නිතරම වෙළෙ`ඳපොළට එන්නේත් මේ නිසාය.

එළවළු තෙල්් සාදනුයේ සෝයා බෝංචි, සූරිය කාන්ත, කපු, කටුපොල් වැනි ඇට වර්ගවලිනි. එළවළු තෙල් නිෂ්පාදනයේදී එයට විෂ සහිත දෑ එක් වෙයි. බොරතෙල්වලින් නිපදවනු ලබන හෙක්ෂේන් (යැං්බැ) ඉන් එකකි.

මේ ඇටවලින් තෙල් පෙරාගැනීමේ තාක්ෂණය හා එහිදී භාවිත කෙරෙන රසායනික වර්ග නිසා ඇටවල අන්තර්ගත ස්වාභාවික පෝෂ්‍ය පදාර්ථ ඉවත් වේ. ඉතිරි වන්නේ රොඩ්ඩ පම‚. අවසානයේ ලැඛෙන රොඩු තෙල් ඉතා පහසුවෙන් ඔක්සිකරණයට ලක් වේ. පහසුවෙන් ඔක්සිකරණය වීමේ සාධකය නිසා, මෙම තෙල් සිරුරේදී පිළිකාකාරක ලෙස ක්‍රියාත්මක වීමේ හැකියාව ඉහළය.

එසේම ඇතැම් එළවළු තෙල් වර්ග හයිඩ්‍රජනීකරණයෙන් නිපදවේ. මාජරීන් හා නොයෙකුත් තැවරුම් වර්ග උÞහරණයි. හයිඩ්‍රජනීකරණය නිසා එවායේ ඇති මේද අම්ල, සිරුරට හානිකර අන්තර් මේද අම්ල බවට පත් වේ.

එළවළු තෙල් භාවිතය නිසා සිදු වන තවත් හානිකර තත්ත්වයන් වන්නේ රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩ මට්ටම ඉහළ යෑම හා ඉන්සියුලින් ප්‍රතිචාරය අඩුවීමයි. දියවැඩියාව, හෘදරෝග සහ පිළිකා රෝග සහ එළවළු තෙල් අතර සම්බන්ධතා ඇතැයි පර්යේෂණ රාශියකින්ම අනාවරණය වී තිබේ.

මේ නිසා, එළවළු තෙල් ආහාරයට ගැනීමෙන් වළකින ලෙසත් සංතෘප්ත මේද ආහාරයට ගැනීමට බිය නොවන ලෙසත් වෛද්‍ය මල්හෝත්‍රා නිර්දේශ කරයි.

හෘද රෝග විශේෂඥ වෛද්‍ය අසීම් මල්හෝත්‍රා