
විශ්‍රාම ලබන අගවිනිසුරුවරයාට සමුදීම සඳහා මෙම 28 අඟහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ සැසියක් කැඳවා තිබේ.
ශ්‍රී පවන් මහතා අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාම ලැබීමෙන් පුරප්පාඩු වන අගවිනිසුරු ධුරයට ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරු ජනාධිපති නීතිඥ ප්‍රියසාත් ඩෙප් මහතා පත්වීමට ඉඩ ඇතැයි නීති අංශ ආරංචි මාර්ග කියයි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයා විසින් යෝජිත අගවිනිසුරැවරයාගේ නම තවමත් ඉදිරිපත් කර නැත.