ජනක බණ්ඩාරට එරෙහිව පුළුල් පරීක්ෂණ

මාතලේ ගලේවෙල ප්‍රදේශයේ රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම සහ තවත් රාජ්‍ය දේපොළ බරපතළ ලෙසට වංචා කළේ යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් පුළුල් ලෙස පරීක්ෂණ සිදුකරගෙන යයි.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති රංජිත් අලුවිහාරේ මහතා විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයටත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමටත් කරන ලද පැමිණිලිවලට අදාළව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ.

හිරුණිකා ඇතුළු 9 දෙනාට සිතාසි

දෙමටගොඩ දී තරුණයකු පැහැරගෙන යෑම ඇතුළු අධිචෝදනා 29ක් යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුවට ලබන මස 21 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවන් 09 දෙනාට සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක ගුණතිලක මහත්මිය ඊයේ (08) නියෝග කළාය.

IOC තෙල් මිල පහළට

ඉන්දියානු ඔයිල් සමාගම විකුණන එක්ස්ට්‍රා ප්‍රීමියම් යූරෝ පෙට්‍රල් හා එක්ස්ට්‍රා මයිල් ඩීසල් වර්ගය රුපියල් දෙකකින් අද (9) මධ්‍යම රාත්‍රියේ සිට මිල අඩු කිරීමට තීරණය කර තිබේ.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ධුරයට අමාරි

වසර එකහමාරක්‌ තිස්‌සේ හිස්‌ව පැවැති බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස්‌ ධුරය සඳහා අමාරි විඡේවර්ධන මහත්මිය පත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

කළමනාකරණය සහ පරිපාලනය පිළිබඳව අත්දැකීම් බහුල ඇය පෞද්ගලික අංශයේ ව්‍යාපාර රැසක සභාපතිනිය ලෙස කටයුතු කර තිබේ.

මෙය අපේ විශිෂ්ටතම ටෙස්‌ට්‌ ජයග්‍රහණයයි

වසර 34 කට අධික ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ වංශ කතාවේ මෙතෙක්‌ ලබා ඇති ටෙස්‌ට්‌ තරගාවලි ජයග්‍රහණ අතුරින් විශිෂ්ටතම තරගාවලි ජයග්‍රහණය ලෙස ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ඉකුත්දා ලද ටෙස්‌ට්‌ තරගාවලි ජයග්‍රහණය හැඳින්විය හැකි බව වත්මන් තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය මහතා සඳහන් කර සිටියි.

''අපි මෙතෙක්‌ ලබා තියෙන ජයග්‍රහණවලින් විශිෂ්ටතම තරගාවලි ජයග්‍රහණය මෙයයි. යනුවෙන් සඳහන් කරන ජයසූරිය මහතා කරුණු කීපයක්‌ මුල්කොට ගනිමින් මෙම තරගාවලි ජයග්‍රහණය තමා විශිෂ්ටතම ටෙස්‌ට්‌ තරගාවලි ජය ලෙස හඳුන්වනු ලබන බව සඳහන් කර සිටියේය.