
කළමනාකරණය සහ පරිපාලනය පිළිබඳව අත්දැකීම් බහුල ඇය පෞද්ගලික අංශයේ ව්‍යාපාර රැසක සභාපතිනිය ලෙස කටයුතු කර තිබේ.
ඇය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධුරයෙහි දිවුරුම් දීම ඉදිරි දින කිහිපයෙහි සිදුවනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
අවසන් වරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධුරය දැරුවේ ආචාර්ය ක්‍රිස් නෝනිස් මහතාය.
හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයෙහි ඔහු එම ධුරයට පත් වූ අතර එවකට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ සජින් වාස් ගුණවර්ධන මහතා සමඟ ඇතිවූ ගැටුමකින් පසු ඔහු එම ධුරයෙන් ඉවත් විය.