තෙල් මිල පහළට: ඩීසල් රු. 20කින් බසී

අද (අප්‍රේල් 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 3කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු. 368ක් දක්වා පහළ යනු ඇත.

විපක්ෂයේ තවත් හතකට බාර් තෑගි

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙසේ මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් පිරිසට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් සහ  දකුණු පළාතේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළත් වෙති.

මහින්දානන්ද නිදොස්කොට නිදහස්

අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කර කළේය. මෙම චෝදනාව සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට්: ICC තහනම ඉවතට


අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මීට පෙර අවස්ථාවකදී සඳහන් කර තිබුණේ, එම තහනම නුදුරේදී ඉවත් වනු ඇති බවට ය. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් පසුගිය වසරේ නොවැම්බර් මස 11 වන දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගනු ලැබිණි.

ඔන්ලයින් පනත සම්මත වෙයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (ජන. 24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46කින් සම්මත විය. ඒ සඳහා පක්ෂව ඡන්ද 108ක් හිමි වුණු අතර විපක්ෂව හිමි වූයේ ඡන්ද 62ක් පමණි. 
 ඒ අනුව, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳපනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට


ශ්‍රී ලංකව සහ ඇෆ්ගනිස්තානය අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (7) පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක පහසු ජයක් ලැබීය. ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ද 2-1 කින් ජය ලැබීය. ශ්‍රී ලංකා පිල ලකුණු 117 ක ඉලක්කය ඕවර 16 කදී කඩුල්ලක් පමණක් දැවවී සම්පූර්ණ කිරීමට සමත් විය. පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්කානු පිල ඕවර 22.2 කදී ලකුණු 116 කට සීමා විය. තරගයේ හා තරගාවලියේ වීරයා ලෙස දුෂ්මන්ත චමීර සම්මාන ලැබීය.

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට


පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මීට සුළු මොහොතකට පෙර දී කොල්ලුපිටිය රැජින පාර ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

 ඉකුත් දෙවෙනි දින යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ තැකයඩි ක්‍රීඩාංගනයේ දි පොලිස් නිලධාරීන්ට බැණවැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම කිලිනොච්චියෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කර තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය

VAT බදු ක්‍රමය අහෝසි කෙරේ


එකතු කළ අගය මත බදු (VAT) නිදහස් කිරීම් තාර්කීකරණය සහ සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමවේදය අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව, එම තීරණය 2024.01.01 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනට අනුව එකතු කළ අගය මත බද්ද සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිසංස්කරණ දෙකක් හඳුන්වා දිය යුතු බව රජය පවසයි.

යොහානි ‘ගෝල්ඩන් වීසා’ සම්මාන ලබයි

ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා, ඩුබායිහි ‘ගෝල්ඩන් වීසා’ සම්මාන හිමිකරගත්තාය. කලා, සංස්කෘතිය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා දායකත්වයක් දුන් පුද්ගලයන්ට ඩුබායිහි බලධාරීන් පිරිනමන ගෞරවනීය සම්මානය ‘ගෝල්ඩන් වීසා’ ලෙස හදුන්වයි.

ජනාධිපති රනිල්ට සැලියුට් කරනවා - කළණ ගුණසේකර


අර්බුදයට ගොස් තිබූ රට මේ ආකාරයෙන් හෝ වැටෙන්න නොදී අල්ලා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් සැලියුට් කරන බව රංගන ශිල්පී කළණ ගුණසේකර මහතා සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙක් තවත් ලොව කොහේ හෝ තමන් දැක නැති බව ද හෙතෙම කියයි. මෙතරම් ඉවසීමේ ගුණයක් සහිත නායකයෙක් වීම ගැන ද තමන් ඔහුට ගරු කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මෝටිවේෂන් අප්පච්චි බැඳලා!!

දැක්ක ගමන් මොකද්ද ඔනට මතක් වුණේ.. ඔව් ඔව් මේ එයා තමයි. එකපාරටම දැකලා අදුනගන්න පුළුවන් වුණා නේද...? මෝටිවේෂන් අප්පච්චි ඇත්තටම මේ බැඳලාවත් ද...? බලන්නකෝ මේ ෆොටෝ

ගෝඨා ගෙවල් මාරු කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මලලසේකර මාවතේ පිහිටි වාසය කරමින් සිටි නිවස අතහැර
ස්ටැන්මෝර් ක්‍රෙසන්ට් හි පිහිටි රජයේ නිල බංගලාවක නවාතැන් ගෙන ඇතැයි වාර්තාවේ.

නව බංගලාව මීට පෙර ඔහුගේ සොහොයුරා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටි තැනක් හා  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදාපතිවරයාගේ නිල නිවාසවලට යාබදව කීර්තිමත් ස්ථානයක් පිහිටියකි.ංගලාව වෙන් කිරීම සඳහා රජයේ ප්‍රධානීන් හා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රිගේ කැමැත්ත ලබා ගැනීම අවශ්‍ය වූ අතර එය මුලින් විදේශ කටයුතු අමාත්‍යවරයාට පවරා තිබුණි. ඊට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමෙන් පසු එම නිවස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරිහරණය සඳහා නිදහස් කර ඇත.

රජිනිකාන්ත්ට ලංකාවට එන්න ආරාධනා

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දකුණු ඉන්දියාවේ ලෝක ප්‍රකට නළුවෙකු වන ‘සුපර් ස්ටාර්’ රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාව ආරාධනා කර තිබේ. ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ඩී. වෙන්කේෂ්වරන් මහතා රජිනිකාන්ත් මහතාගේ නිවසට ගොස් මෙම ආරාධනාව කර තිබේ. ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ 'රාමායණ මංපෙත' සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් සුවිශේෂී බෞද්ධ ස්ථාන ගවේෂණය කරන ලෙස නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා රජිනිකාන්ත් වෙත ආරාධනා කළේය.

රුපියල තවත් ශක්තිමත් වෙයි


ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (29) නිකුත් කළ විනිමය අනුපාත සටහනේ දැක්විණ. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 303.26ක් වූ අතර ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 289.89ක් ලෙසය. මීට මාස කිහිපයකට උඩදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 380ත් 390ත් අතර පරාසයක පැවතිණ.

සද්ධා රතන හිමි රිමාන්ඩ්


ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරත්න හිමි ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (29) නියෝග කළේය. පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් කරනු ලැබූ පැමිණීල්ලකට අනුව අද (29) අනුරාධපුරයේදී අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික විද්‍යාගාර අංශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

තුර්කි භූ කම්පනය: මිය ගිය ගණන 37,000 ඉක්මවයි


තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූමිකම්පාවලින් මිය ගිය සංඛ්‍යාව 37,000 ඉක්මවා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තුර්කියේ පුද්ගලයින් 31,974 දෙනෙකු මිය ගොස් ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇති බව ය. සිරියාවේ පුද්ගලයින් 5,800කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇත. මේ වන විට තුර්කියේ සුන්බුන් අතර සිර වී සිටි 8,000කට වැඩි පිරිසක් මුදා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අතර, භූ කම්පනයෙන් පසු ආධාර ලබා දීමට ඉදිරිපත් වූ සියලු රටවල් වෙත සිය කෘතඥතාව පළ කරන බව තුර්කි ජනාධිපතිවරයා පවසා ඇත.

ප්‍රභාකරන් තාමත් ඉන්නවා

ප්‍රභාකරන් තවමත් ජීවත්ව සිටින බවත්, සුදුසු අවස්ථාවේ යළිත් මහජනයා වෙත පැමිණෙන බවත් තමිල්නාඩු දෙමළ ජාතික ව්‍යාපාරයේ නායක පී. නැදුමාරන් ප්‍රකාශ කර ඇත.

ඔහු මේ කරුණ ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (13 දා) තමිල්නාඩුවේ තහ්ජමුර්හිදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමිනි.

වසන්ත මුදලිගේ කළ හෙළිදරව්ව

ආණ්ඩුව සැලසුම්කර තිබුණේ තමා නිදහස් කිරීමට නොව ඝාතනය කිරීමට බවත් මර්දනය ඉදිරියේ ජනතාව හිස නොනැමූ නිසා එය කළ නොහැකි වූ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසයි.පෙබරවාරි 04 වැනිදා විරෝධතාවයක් ප්‍රකාශයට පත්කර ඇති බවත් සියලුම දෙනා එදිනට කොළඹට පැමිණෙන ලෙසත් එසේ පැමිණීමට නොහැකි අය තමා පදිංචි ප්‍රදේශයේ සිට කලු කොඩියක් ඔසවා විරෝධය පලකරන ලෙසත් ඉල්ලා සිටියි.ඔහු මේ බව පැවසූවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

රුපියල සියයට 44කින් අවප්‍රමාණ වෙලා


2022 වසරේදී ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 44.8කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙරට විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ වාර්තාවක එලෙස සඳහන් වේ. 2023 වසරේ ජනවාරි මස 31 වන දින දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, ඉන්දියානු රුපියල, ඔස්ට්‍රේලියානු ඩොලරය සහ ජපන් යෙන්වලට සාපේක්‍ෂව අවප්‍රමාණය වී ඇති බව ද මහ බැංකුව ප්‍රකාශ කරයි.

පෙට්‍රල් මිල රු. 30 කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400කි. 
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිලද රුපියල් 30කින් ඉහළ දමා තිබේ. කෙසේ වෙතත් අනෙකුත් ඉන්ධන මිල ගණන් වෙනස් නොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි