වසන්ත මුදලිගේ කළ හෙළිදරව්ව

ආණ්ඩුව සැලසුම්කර තිබුණේ තමා නිදහස් කිරීමට නොව ඝාතනය කිරීමට බවත් මර්දනය ඉදිරියේ ජනතාව හිස නොනැමූ නිසා එය කළ නොහැකි වූ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසයි.පෙබරවාරි 04 වැනිදා විරෝධතාවයක් ප්‍රකාශයට පත්කර ඇති බවත් සියලුම දෙනා එදිනට කොළඹට පැමිණෙන ලෙසත් එසේ පැමිණීමට නොහැකි අය තමා පදිංචි ප්‍රදේශයේ සිට කලු කොඩියක් ඔසවා විරෝධය පලකරන ලෙසත් ඉල්ලා සිටියි.ඔහු මේ බව පැවසූවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.එහිදී ඔහු මෙසේද කීවේය.මාව අත්අඩංගුවට ගත්තේ පෑලියගොඩ පොලිසියේ විශේෂ ඒකකයේ වරෙන්තුවකට කියා පොලිසිය පැවසුවා.පසුවදා පාන්දර මාව සිවිල්පිට වාහනයක දාගෙන රෙද්දකින් ඔතලා එඩේරමුල්ල පොලිසියට අරන්ගියා.එහිදී පිස්තොලයක් මගේපැත්තට හරවපු උසස් පොලිස් නිලධාරියෙක් විජේවීරට වෙච්චදේ විජය කුමාරතුංගට වෙච්චදේ මතකද කියා ඇසුවා.උඹටත් ඒ ටිකමයි වෙන්නේ කියා පැවසුවා.ඊට පස්සේ වෙරළබඩ පොලිසියට අරන් ගියා.එහිත් ප්‍රශ්න කරන්නේ නැතිව කලුවර කාමරයක මාව රඳවා තැබුවා.මෙලෙස නීති විරෝධිව මාව රඳවා ගැනීමට එරෙහිව නීතිය හමුවට යනවා.මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිලි කරනවා.