විපක්ෂයේ තවත් හතකට බාර් තෑගි

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙසේ මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් පිරිසට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් සහ  දකුණු පළාතේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළත් වෙති.

ආණ්ඩුවට සම්බන්ධවී උදව් කරන බවට පොරොන්දුවීමෙන් පසු ඔවුන්ට මෙම මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාදී  ඇති  බව දැනගන්නට ඇත.

විපක්ෂයේ නායකයන්ට මේ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි  පැවසෙන්නේ  ඒ ඒ දිස්ත්‍රික්කවල  විහාරාධිපති ස්වාමීන්වහන්සේලා මාර්ගයෙනි.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ද මත්පැන් බලපත්‍ර දැනටමත් ලබාගෙන ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ආණ්ඩුව අලුතින් මත්පැන් බලපත්‍ර දෙසීයක් නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තුවේදී පසුගියදා සංවාදයක් ඇතිවිය.