යෝෂිත සහ බිරිඳ රටින් යති

අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි, අගමැති පුත්, යෝෂිත රාජපක්‍ෂ ඊයේ (09 දා) අලුයම දිවයිනෙන් බැහැරව ගොස් ඇතැයි වාර්තා වේ.
යෝෂිත රාජපක්‍ෂ සහ ඔහුගේ බිරිඳ සිංගප්පූරු ගුවන් සේවයට අයත් ීූ 469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇතැයි ගුවන්තොටුපළ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
යෝෂිත රාජපක්‍ෂ සහ ඔහුගේ බිරිඳ ආරක්‍ෂක නිලධාරීන් රහිතව පෞද්ගලික රථයකින් පැමිණ ගුවන්තොටුපළට ඇතුළු වී ඇති අතර ඔවුන්ගේ ගමනාන්තය පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නැත.

ඇඳිරි නීතිය බදාදා තෙක් දීර්ඝ කෙරේ


මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද රාත්‍රී 7.00 සිට හෙට දින උදෑසන 7.00 දක්වා බල පැවැත්වෙන පරිදි මුළු දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය ලබන බදාදා උදෑසන 7.00 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි. මින් ඉහත එය හෙට උදේ ඉවත් කරන බව දන්වා තිබුණත් බදාදාට වෙනස් කර ඇත.

තුවාල ලැබූ ගණන 100 ඉක්මවයි


ජාතික රෝහලෙන් ලැබෙන අලුත්ම ආරංචිය අද පෙරවරුවේ ගෝඨාගෝගමදී සිදුවූ ගැටුම්කාරී තත්වයත් හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 130 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

කොළඹ ආව බස් ලිස්ට් එක අහුවේ?


අරලිය ගහ මන්දිරය පිටුපස විනාශ කළ සුපිරි රථයේ තිබී හමු වූ ලියවිල්ල
අරලියගහ මන්දිරය පිටුපස සම්පූර්ණයෙන් විනාශ කර තිබූ සුපිරි ජීප් රථයක් තුළ තිබී වාහන අංක ඇතුළත් ලැයිස්තුවක් විරෝධතාකරුවන්ට හමුවී තිබේ.

මෙවර IPL හොඳම පන්දු යැවීම වනිඳුගෙන්


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 67 කින් ජයගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.

එම තරගයේ සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අසරණ කරමින් කඩුලු 5ක් දවාගත්තේය.